ෂයින් ඕ ගෝ ක්‍රේසි | |
---|---|
![]() ෂයින් ඕ ගෝ ක්‍රේසි සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | Shine or Be Mad |
ප්‍රභේදය | |
මත පදනම්ව | හ්‍යුන් ගෝ-වූන්ගේ Shine or Go Crazy ඇසුරෙන් |
රචනය කලේ |
|
අධ්‍යක්ෂණය කලේ |
|
රඟපෑම | |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 24 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) |
|
ධාවන කාලය | මිනිත්තු 70 |
නිෂ්පාදන සමාගම | මේ ක්වීන් පික්චර්ස් |
බෙදාහරින්නා | මුන්හ්වා විකාශන සංස්ථාව |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | මුන්හ්වා විකාශන සංස්ථාව |
මුල් ධාවනය | ජනවාරි 19, 2015 | – අප්‍රේල් 7, 2015
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | Pride and Prejudice |
අනුගමනය වනුයේ | Splendid Politics |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
ෂයින් ඕ ගෝ ක්‍රේසි (කොරියානු: 빛나거나 미치거나; ප්‍රරෝ: බිනගෝනා මිචිගෝනා) යනුවෙන් හැඳින්වෙන්නේ 2015 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ හ්‍යුන් ගෝ-වූන් නැමැති කතුවරයා විසින් ඉහත නාමයෙන්ම ලියන ලද නවකථාවයි. මෙමගින් ගොර්යෝ කුමරකු සහ බල්හේ රාජ්‍යයේ කුමරියක අතර ඇතිවන පෙම් සබඳතාවය නිරූපණය වේ.[1] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ජං හ්‍යුක්, ඕ යොන්-සෝ, ලී හා-නුයි සහ ලිම් ජු-හ්වන් යන නළු නිළි පිරිස විසිනි. දකුණු කොරියාවේ MBC නාළිකාව ඔස්සේ 2015 ජනවාරි 19 දින විකාශය ඇරඹි මෙම කතාමාලාව 2015 අප්‍රේල් 7වන දින දක්වා විකාශය කෙරිණි. සඳුදා සහ අඟහරුවාදා දිනවල එරට වේලාවෙන් 22:00ට විකාශය වූ මෙය කථාංග 24කින් සමන්විත විය.[2][3][4][5]
ෂයින් ඕ බී මෑඩ් යනුවෙන් ද හඳුන්වනු ලබන මෙම කතාමාලාවේ තිර රචනය සිදු කරන ලද්දේ ක්වොන් ඉන්-චන් සහ කිම් සුන්-මි විසිනි. සෝ හ්‍යුං-සුක් සහ යූන් ජි-හූන් යන අධක්ෂවරු දෙපළ මේ සඳහා අධ්‍යක්ෂණයෙන් දායක වූහ. මිනිත්තු 70ක ධාවන කාලයකින් සමන්විත කථාංගවලින් යුතු මෙහි, විධායක නිෂ්පාදනය සිදු කරන ලද්දේ ලී කං-හූන් සහ කිම් ජින්-චුල් විසිනි. එය මේ ක්වීන් පික්චර්ස් නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයක් ලෙස සැලකේ. ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩිස් රූපවාහිනී කතාමාලාව විස්ථාපනය කරමින් විකාශය වූ මෙම කතාමාලාවෙන් පසුව ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් නැමැති ඓතිහාසික රූපවාහිනී කතාමාලාව විකාශය විණි.
වං සෝ උපත ලබන්නේ ගොර්යෝ රාජධානියේ කුමරකු ලෙසිනි. නමුත් අනාගත වාක්‍යයක් මගින් කියැවෙන්නේ ඔහු විසින් රාජ්‍යය රුධිර ගංගාවක් බවට පරිවර්තනය කරනු ලබන බව ය. මේ නිසා ඔහුව මාලිගයෙන් පිටුවහල් කෙරෙන අතර, රාජකීය පවුලෙන් ඉවත් කර දැමෙනු ලැබෙයි. රාජ්‍යයේ සිහසුනට නීත්‍යානුකූල උරුමකරු වශයෙන් තමන්ට හිමි වීමට තිබූ තත්ත්වය මෙසේ අහිමි වීම නිසා ඔහු හුදකලා දිවියක් ගත කරයි. වං සෝ මාලිගයෙන් නෙරපා හැරීම හේතුවෙන් ඔහුගේ නීත්‍යානුකූල නොවන අර්ධ සොයුරා වන වං උක් රාජ්‍යයේ බලය සියතට අත් කරගැනීමේ දැඩි අපේක්ෂාවෙන් පෙළෙයි.
ෂින් යූල් යුනවෙන් හඳුන්වන්නේ බල්හේ රාජ්‍යයේ අවසාන කුමරියයි. අනාගත වැකියක් හේතුවෙන් කුඩා වියේ දී ඇය ඇගේම ජනයා අතින් මරණයට පත්වීමට නියමව සිටිය දී ඇය ඉන් මිදෙන්නේ ඉතා අපහසුවෙනි. එම අනාගත වාක්‍යය මගින් කියැවෙන්නේ ඇය "වෙනත් ජාතියක ආලෝකය වනු ඇති" බව ය. ඇය සහ වං සෝ මහත් වූ කැළඹීම් මත විවාහ දිවියට එළැඹේ. ස්වාමි පුරුෂයා සහ භාර්යාව වශයෙන් ක්‍රමයෙන් එකිනෙකාට සමීප වන ඔවුහු දෙදෙනා ප්‍රේමයෙන් බැඳෙන්නට වෙති.
කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | |||
---|---|---|---|---|---|
TNmS ඇගයීම්[6] | AGB නීල්සන්[7] | ||||
දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර පෙදෙස | දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර පෙදෙස | ||
1 | ජනවාරි 19, 2015 | 7.6% | 10.1% | 7.9% | 8.7% |
2 | ජනවාරි 20, 2015 | 8.0% | 10.4% | 8.2% | 8.8% |
3 | ජනවාරි 26, 2015 | 8.6% | 11.9% | 9.8% | 11.4% |
4 | ජනවාරි 27, 2015 | 9.9% | 12.7% | 10.2% | 11.7% |
5 | පෙබරවාරි 2, 2015 | 8.4% | 11.0% | 9.8% | 11.8% |
6 | පෙබරවාරි 3, 2015 | 9.1% | 12.2% | 9.4% | 10.8% |
7 | පෙබරවාරි 9, 2015 | 8.7% | 12.2% | 9.3% | 10.8% |
8 | පෙබරවාරි 10, 2015 | 9.4% | 12.7% | 11.0% | 12.3% |
9 | පෙබරවාරි 16, 2015 | 9.4% | 12.9% | 11.2% | 13.1% |
10 | පෙබරවාරි 17, 2015 | 11.5% | 15.7% | 10.9% | 11.9% |
11 | පෙබරවාරි 23, 2015 | 11.5% | 15.5% | 13.1% | 15.1% |
12 | පෙබරවාරි 24, 2015 | 12.3% | 16.1% | 14.3% | 16.4% |
13 | මාර්තු 2, 2015 | 9.9% | 13.4% | 11.9% | 14.4% |
14 | මාර්තු 3, 2015 | 12.4% | 16.7% | 13.2% | 15.4% |
15 | මාර්තු 9, 2015 | 10.2% | 13.9% | 11.6% | 13.1% |
16 | මාර්තු 10, 2015 | 11.7% | 15.6% | 12.9% | 14.9% |
17 | මාර්තු 16, 2015 | 11.3% | 14.7% | 11.7% | 12.9% |
18 | මාර්තු 17, 2015 | 11.4% | 15.2% | 12.9% | 14.2% |
19 | මාර්තු 23, 2015 | 10.7% | 13.9% | 11.4% | 12.3% |
20 | මාර්තු 24, 2015 | 11.4% | 14.4% | 13.9% | 15.3% |
21 | මාර්තු 30, 2015 | 11.2% | 13.6% | 12.1% | 13.2% |
22 | මාර්තු 31, 2015 | 9.5% | 12.2% | 10.2% | 11.4% |
23 | අප්‍රේල් 6, 2015 | 10.8% | 13.5% | 11.5% | 13.1% |
24 | අප්‍රේල් 7, 2015 | 11.5% | 14.2% | 13.0% | 14.4% |
සාමාන්‍යය | 9.8% | 13.5% | 11.3% | 12.8% |
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2015 | 4වන APAN ස්ටාර් සම්මාන | විශිෂ්ටකම සම්මානය, මාලානාට්‍යයක නළුවා | ජං හ්‍යුක් | නිර්දේශිත |
හොඳම සහාය නිළිය | ලී හා-නුයි | නිර්දේශිත |
{{cite web}}
: CS1 maint: unrecognized language (link)
{{cite web}}
: CS1 maint: unrecognized language (link)