සංවිධාන පරිසරයේ කිසියම් සාධකයක් හේතුකොටගෙන සංවිධානය තුල සිටින සේවක මණ්ඩල අතර හටගන්නා නොඑකඟතාවයක් සංවිධාන ගැටුමක් නම්වේ. මෙහිදී, කළමනාකරුවන් සහ කළමනාකරුවන්, කළමනාකරුවන් සහ සේවකයන්, සේවකයන් සහ සේවකයන්, කළමනාකරුවන් සහ සේවකයන් බාහිර පරිසරය අතරද සංවිධාන ගැටුම් ඇතිවිය හැක. සංවිධාන ගැටුම් නිර්මාණය වන්නාවූ මට්ටම් වලට අනුව සංවිධාන ගැටුම් වර්ග කල හැකිය.
සංවිධාන ගැටුමක් සමහර විටෙක සංවිධාන අරමුණු ඉටුකරගැනීම සඳහා නැග එන්නක් විය හැක. උදාහරණයක් ලෙස සංවිධානයක අංශ දෙකක් අතර නිෂ්පාදන පුවරුවක් (Production Board) බෙදාගැනීම සඳහා ඇතිවන ගැටුම ගතහොත් එය ඉහල නිෂ්පාදනයක් සඳහා කණ්ඩායම් දෙකක් උත්සාහ කිරීමකි. මෙවන් ගැටුම් හිතකර ගැටුම් ලෙස හඳුන්වයි. සංවිධානයක නිෂ්පාදනය ට අහිතකර ලෙස බලපෑම කරන නැතහොත් නිෂ්පාදනය අඩු කරන මට්ටමේ ගැටුම් අහිතකර ගැටුම් ලෙස හඳුන්වයි.
කළමනාකරණයේදී සංවිධාන ගැටුම් පිලිබඳ මතවාද තුනක් දැකිය හැක.
මේ අනුව බලනවිට, සංවිධාන ගැටුමක් සඳහා කොන්දේසි පැවතිය යුතුය. සන්නිවේදනය, සංවිධාන ව්‍යුහය, පුද්ගලයන්ගේ මතවාද සහ අදහස් යම් ආකාරයකට ගැටුම් ඇතිවීම කෙරෙහි බලපායි.මෙම හේතුකාරකයන් අදාල පාර්ශවය විසින් මානසිකව අවබෝධ කරගැනීම සංජානනය නම්වේ. ගැටුම සංජානනය වූ පාර්ශවය විසින් අනෙක් පාර්ශවයට අදහස් දැක්වීම කරනු ලබයි. තර්ක කිරීම, සාකච්ජා කිරීම , මගහැරීම යනාදිය සමහර විකල්ප අදහස් කිහිපයකි. සංවිධාන ගැටුම දැක බලාගත හැකි අදියර වන්නේ චර්යාත්මක අවස්ථාවේදීයි. පාර්ශව දෙකක හෝ කිහිපයක ඇති මතවාද, ආකල්ප සහ ආවේගශීලී ක්‍රියාකාරකම් වලින් චර්යාත්මක පියවර සමන්විත වෙයි. සංවිධාන ගැටුම අවසානයේ හිතකර හෝ අහිතකර ප්‍රතිඑල දැකබලාගත හැකිය.
සංවිධාන ගැටුම් කළමනාකරණය - Managing Organizational Conflicts
සංවිධානයට හිතකර ගැටුම් නිර්මාණය කිරීමත් අහිතකර වියහැකි ගැටුම් වැළැක්වීම සඳහාත් කළමනාකරුවන් විසින් ගනුලබන ශිල්ප ක්‍රම සංවිධාන ගැටුම් කළමනාකරණය නම්වේ. මෙහිදී
හිතකර ගැටුම් ඇතිකිරීම
අහිතකර ගැටුම් නැතිකිරීම
Prof. J S Chandan (2004), Management Theory and Practice, Vikas Publishing House Pvt Ltd, ISBN 0-7069-9030-7
S C Sharma (1999), Management of Systems, Khanna Publishers, ISBN 8174090932