සන්නාලියනේ | |
---|---|
ගොනුව:Sannaliyane Promotional Poster.jpg ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | Clothing the World The Legend of a Weaver The Tale of the Royal Seamstress A Weaver on the Horizon |
ප්‍රභේදය | ඓතිහාසික ප්‍රබන්ධ, ස්ත්‍රීවාදී ප්‍රබන්ධ, යුධ නාට්‍ය, ප්‍රේම කථා, wuxia |
අධ්‍යක්ෂණය කලේ | ලී ක්වොක්-ලප් වෙයි හන්තාඕ ලින් යුෆෙන් ලියෑං ෂෙංක්වන් ලි හුයිෂු |
රඟපෑම | පහත බලන්න |
ඇරඹුම් තේමාව | යොංගුවාන් ෂියාංෂින් (永遠相信/永远相信), ගයනය කෙලී චෙන් |
Composer(s) | මක් ජන්-හුං |
සම්භව රට | චීනය |
භාෂාව(න්) | මැන්ඩරින් |
කථාංග ගණන | 36 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | කැරන් ත්සෝයි ලී ක්වොක්-ලප් |
ස්ථානය(න්) | චීනය |
ධාවන කාලය | කථාංගයකට මිනිත්තු 45 |
නිෂ්පාදන සමාගම | Chinese Entertainment Shanghai |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | Nanning Television |
පළමුව ප්‍රදර්ශනය කෙරුණේ | 2010 අගෝස්තු 14 |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
සන්නාලියනේ | |||||||
![]() අ වීවර් ඔෆ් ද හොරයිසන් තේමාපාඨය (සම්ප්‍රදායික චීන සංස්කරණය) | |||||||
සම්ප්‍රදායික චීන | 天涯織女 | ||||||
---|---|---|---|---|---|---|---|
සරලීකෘත චීන අක්ෂර | 天涯织女 | ||||||
|
![]() |
මෙම ලිපියේ චීන පෙළ ඇතුළත් වෙයි. නිසි ප්‍රදර්ශන සහාය නොමැති වූ විට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු හෝ වෙනත් සලකුණු චීන අක්ෂර වෙනුවට ඔබට පෙනෙනු ඇත. |
සන්නාලියනේ යනු චීන රූපවාහිනී කතාමාලාවක් වන අතර එය හ්වෑං දඕපෝ නමැති පේෂකර්ම ක්ෂේත්‍රයේ විප්ලවයකට මග පෑදූ කාන්තාවගේ චරිතය නිරූපණය කරයි. ඇය දිවි ගෙවූයේ සොං රාජවංශයේ මොංගෝලියානු ආක්‍රමණ සමයේ සහ යුවාන් රාජවංශයේ ආරම්භක සමයේ දී ය.මෙය ඓතිහාසික ප්‍රබන්ධයක් වන අතර මෙය සත්‍ය තොරතුරුවලට වඩා තරමක් වෙනස් අයුරින් නිර්මාණය කර ඇත. මෙහි ප්‍රධාන තේමාව ලෙස ස්ත්‍රීවාදය මෙහි නිරූපණය කර ඇති අතර මෙහි ප්‍රධාන දිරිමත් කාන්තා චරිතයක් හා ඇය වටා පුරුෂ චරිත නිරූපණය කර ඇත. මෙම කතාමාලාවේ මුල් විකාශය චීනයේ නැනිං රූපවාහිනී නාලිකාව මගින් 2010 අගෝස්තු 14 දින සිට කථාංග 36කින් විකාශය කරන ලදී.
හ්වෑං ක්‍යාඕ (අයිවි ලු සහ ජැනින් චෑං විසින් නිරූපණය කරයි.) උපත ලැබූයේ අන්ත දුගී පවුලක ය. ඇය කුඩා කාලයේ දී ඇයට සියදෙමව්පියන් අහිමි වන අතර ඇයව නැන්දණියක විසින් හදාගනු ලැබෙයි. එම නැන්දණිය ඇයට රෙදි විවීමේ කලාව උගන්වන්නී ය. මෙලෙස රෙදි විවීමේ මෝලක වැඩෙන හ්වෑං සහ අසල්වැසි රෙදි වර්ණගැන්වීමේ නිවසේ හිමිකාරිනියගේ පුත්‍රයා වූ ෆැං නිං (එඩ්වින් සියු විසින් නිරූපණය කරයි) සමීප සම්බන්ධතාවක් ඇති වේ. ෆැං නම් ඔහු ඇයට පෙම් කරයි. මේ අතර රෙදි මෝලේ වියන්නියන්ගේ අතිවිශිෂ්ට හැකියාවන් නිසා ඔවුනට මාලිගයට ඇතුළු වීමට අවස්ථාව සැලසේ. අධිරාජයාගේ ලේලිය වූ ෂාඕ ජිආයි කුමරියගේ (සිසිලියා ලියු විසින් නිරූපණය කරයි) මිතුරියක බවට පත්වන හ්වෑං ඇයගේ උපකාරයෙන් පේෂකර්මය පිළිබද සිය දැනුම වැඩිදියුණු කර ගනියි. කෙසේනමුත් සන්නාලියන්, අධිරාජයාගේ උපබිසෝවරුන්ගේ බලඅරගලයට මැදිවන අතර ඔවුනට මාලිගයේම සේවය කළ දේදුණු වලා රෙදි මෝලේ වියන්නියන්ගේ කුරිරුකම්වලට ලක් වීමටද සිදු වේ.
මාලිගයේ සේවය කරන විට, හ්වෑං තරුණ සෙන්පතියකු වූ ලින් මුෆේයි (ජස්ටින් යුවාන් විසින් නිරූපණය කරයි.) සමග පෙමින් බැදෙයි. කුමරියද ඔහුට සෙනෙහස දක්වන්නී ය. තමන් රජ පවුලට දැක්වූ පක්ෂපාතීත්වය නිසා කුමරියගේ ප්‍රේමය ලින් ප්‍රතික්ෂේප කරයි. සොං රාජවංශය ආරක්ෂා කිරීමට ලින්ට යුද්ධයට යාමට සිදුවෙයි. ලින් මාලිගයේ නොමැති කාලයේ රාජමාලිගයේ දූෂිත පිරිස්වලින් හ්වෑංව බේරා ගැනීමට ගොස් ෆැං නිං ගේ දෙපා ආබාධිත තත්ත්වයට පත් වේ. ෆැංගේ ආබාධිතභාවයට තමන් හේතුවූයේය යන වරදකාරී හැගීමත්, චුෆෝ (වර්තමාන යුවායි'ආන්) නගරයේදී ලින් මියගිය බවට පැතිරගිය දූෂමාන ආරංචිය නිසාත්, හ්වෑං ෆෑං සමග විවාහ වීමට තීරණය කරයි. යුද්ධයේ දී දිවි බේරාගෙන පැමිණෙන ලින් සිය පෙම්වතිය විවාහ වූ බව දැන දැඩි සිත් වේදනාවට පත් වේ. මෙලෙස ලින්, හ්වෑං සහ ෂාඕ ජිආයි ගේ තුන්කොන් ආදරය අවුල් ජාලාවක් බවට පත් වේ.
තමන් පෙම් කළ පුද්ගලයාව විවාහ කරගත නොහැකි වුවත්, ෆැං නිං සමග විවාහ වීමෙන් තම හැකියාව දියුණු කරගත හැකි බව හ්වෑං ක්‍යාඕ වටහා ගනියි. ඇගේ නැන්දණියගෙන් (චෙං පෙයි-පෙයි විසින් නිරූපණය කරයි) ෆැං පවුල සතු රෙදි වර්ණගැන්වීමේ පාරම්පරික රහස් දැනගන්නා ඇය, සිය හැකියා වැඩිදියුණු කර ගනී. සිය බිරිය තවමත්, ලින් මුෆේයි හට පෙම් කරන බව දැනගන්නා ෆෑං බීමට ඇබ්බැහි වන අතර සිය බිරිදට නිතරම හිංසා කරයි. මේ අතර ලින් හට පෙම් කළ ෂාඕ ජිආයි කුමරිය ලින් ජීවත් වන බව දැන ඔහුව සොයා මාලිගයෙන් පැන යයි. ලින්ගේ මවගේ උපකාරයෙන් ෂාඕ ඔහුව චංෂූ නගරයේ දී සොයා ගනියි. එහි දී ඔහු හමු වී ඔහු ඇයට ආදරය කළත්, නොකළත් ඇය ඔහු සමග යුද්ධයට සහාය වන බව කුමරිය පවසයි.
වැඩිකල් නොගොස් මොංගෝලියානු ආක්‍රමණිකයෝ, සොං රාජවංශය ආක්‍රමණය කර කුබ්ලයි ඛාන්ගේ නායකත්වය යටතේ යුවාන් රාජවංශය පිහිටුවති. අවාසනාවනත්, කටුක අත්දැකීම් රැසකට පසු ලින්, ෂාඕ ජිආයි සහ ඉතිරිව සිටින ඇගේ වංශික සාමාජිකයන්ව රැකගැනීමට තීරණය කරයි. සිව් වසරක් පුරා සතුරන් සමග සටන් වැදීමෙන් සහ එකිනෙකාට උපකාර කර ගැනීමෙන් ලින් සහ ෂාඕ අතර සම්බන්ධය හා අවබෝධය වැඩිදියුණු වේ. හ්වෑංගේ අහිමි වූ ආදරය නිසා ඇති වූ ලින්ගේ හදවතෙහි තුවාල සුවකරගැනීමට ෂාඕ උපකාර වෙයි. ලින් තවත් ෂාඕ පිළිබද පැහැදීමට පත් වෙයි.
මොංගෝලියානු අක්‍රමණවලින් බේරී පලා යන හ්වෑංහට අතිදක්ෂ ලී කාර්මිකයකු වූ ෆෙං ජියුජින් (ඩේමියන් ලාවු විසින් නිරූපණය කරයි) හදුනාගැනීමට ලැබෙන අතර ඇය ඔහුගේ ආධුනිකයා බවට පත්වෙයි. ඇය අවසානයේ යාෂූ (වර්තමාන හයිනාන්) වෙත ගමන් කරන අතර, එහි දී ඇය කපු වගා කිරීමේ සහ විවීමේ ශිල්ප ක්‍රම ඉගෙන ගනී. ඇය එම ප්‍රදේශවාසීන්ට පේෂකර්මාන්තය පිළිබද දැනුම වැඩිකරගැනීමට උපකාර කරයි.
ෆෑං නිං ගේ මරණින් පසු හ්වෑං, ලින් සහ කුමරිය විවාහ වූ බව දැනගන්නා අතර ඔවුන්ව හංෂූ (පැරණි සොං අගනුවර වූ ලින්'අන්) නගරයේදී මුණගැසෙයි. පිරිමින් දෙදෙනකුගේ ප්‍රේමය හිමි වුවද තමන්ට අවසානයේ ඉතිරිව ඇත්තේ කඳුළ පමණක් බව වටහා ගන්නා හ්වෑං සතුටින් ජීවත් වන ලෙස ලින් සහ ෂාඕ හට ආශිර්වාද කරයි. තමන්ගේ සිහිනය විය යුත්තේ පේෂ කර්මාන්තයේ පෙරලියක් සිදු කිරීමෙන් ජනයාට සෙත සැලසීම බව හ්වෑං වටහා ගනී. සිය පවුලේ සහ මිතුරන්ගේ උපකාරයෙන් හ්වෑං චීන රෙදිපිළි කර්මාන්තයේ පුරෝගාමී චරිතයක් බවට පත් වේ. යුවාන් සේනාවලට එරෙහි සටන් ගණනාවකින් පසු යාමෙන්හි සටන සොං රාජවංශයේ අවසානය සනිටුහන් කළේ ය. සතුරන් බොහෝ බලවත් බව වටහා ගන්නා ලින් සහ ෂාඕ සටනින් ඈත්ව පලාගොස් විවේකීව සිය යුගදිවිය ගතකරයි.
වසර තුනක් සැගව කල්ගත කළ ලින් මුෆෙයි සහ ෂාඕ ජිආයි විවාහයෙන් පසු ප්‍රීතිමත්ව නැවතත් හංෂූ වෙත පැමිණෙති. මේ වන විට ෆෑං පවුලේ සායම්හල සහ මහා රෙදි කම්හල හ්වෑං ක්‍යාඕගේ උත්සාහය නිසා ම දියුණුවේ හිනිපෙත්තට පත්ව ඇති බව දැනගන්නට ලැබෙයි.
නළු කැල | චරිතය | විස්තරය |
ජැනින් චෑං | හ්වෑං ක්‍යාඕ | සොංජියාං නගරයේ විසූ අනාථ සන්නාලියකි. ඇගේ හැකියාවන් පේෂකර්ම ක්ෂේත්‍රය ඔසවා තැබූ අතර යුවාන් රාජවංශයේ ආරම්භයත් සමග බොහෝ දුගී වැසියන්ව රැකගැනීමට ඇය උත්සාහ කළා ය. ඇය පසුව හ්වෑං දඕපෝ ලෙස ප්‍රකට වෙයි. |
අයිවි ලු | හ්වෑං ක්‍යාඕ (ළමා) | |
තාඕ හුයිමින් | වෙන් රුඕලන් | හ්වෑංගේ මවයි. ඇය සිය මරණයට ප්‍රථම සිය දියණියව රොං ෂියුමන් හට භාර කරයි. |
ඒමි චෑන් | රොං ෂියුමන් | හ්වෑංගේ මවගේ ජ්‍යෙෂ්ඨ සොයුරියයි. ඇය හ්වෑංට පේෂකර්මය උගන්වයි. |
ෂාඕ යූ | යුවාන් පාලිකාව | වියන්නියන්ගේ පාලිකාවයි. |
ඇම්බර් ෂු | හු ෂ්‍යාමෙයි | හ්වෑංගේ අසල්වැසියා සහ ළමාවියේ මිතුරියයි. |
චෙන් මන්යුවාන් | හු ෂ්‍යාමෙයි (ළමා) | |
හන් ෂියාඕ | චෙං න්‍යාන්ෂියාං | හ්වෑංගේ ජ්‍යෙෂ්ඨයායි. |
ෂි ජියාහේ | චෙං න්‍යාන්ෂියාං (ළමා) | |
ලි ජින්මිං | හේ ෂ්‍යාඕයි | පාදයක් ආබාධිත හ්වෑංගේ මිතුරායි. |
හේ සියිං | හේ ෂ්‍යාඕයි (ළමා) | |
ලි ක්වියාන් | තාඕ ක්වියාන්ක්වියාන් | හ්වෑංගේ මිතුරියකි. ෂාඕ ජිආයිගේ ස්ථානයේදී මොංගෝලියානු කුමරකු වූ එර්දේ හට විවාහ කර දෙන ලදී. ඇය පසුව ජියාෂාන් කුමරිය ලෙස හැදින්වෙයි. |
ලි චෙන් | තාඕ ක්වියාන්ක්වියාන් (ළමා) | |
හුවාං ෂිජා | ෂ්‍යාඕක්විං | හ්වෑංගේ ශිෂ්‍යාවකි. |
නළු කැල | චරිතය | විස්තරය |
සිසිලියා ලියු | ෂාඕ ජිආයි | ලිෂොං අධිරාජයාගේ අනාථ දියණියයි. දුෂොං අධිරාජයා විසින් ඇයව හදාගනු ලැබෙන අතර ඇය ජිආයි කුමරිය ලෙස හඳුන්වයි. ඇගේ වංශයේ බිදවැටීමත් සමග ඇය යුවාන් රාජවංශයට එරෙහි සටනේ දී වීරවරියක් බවට පත් වෙයි. |
වං ගං | සොං හි දුෂොං අධිරාජයා | ෂාඕ ජිආයිගේ හදාගත් පියාවන අතර අදක්ෂ පාලකයෙකි. |
චෙං ටිං | එල් ලිං'ගර් උපබිසව | ෂාඕ ජිආයිගේ හදාගත් මවයි. |
ටෑං යිෆෙයි | හන් උපබිසව | එල් ලිං'ගර් උපබිසවගේ එදිරිවාදිනියයි. |
නළු කැල | චරිතය | විස්තරය |
ජස්ටින් යුවාන් | ලින් මුෆෙයි | රණකාමී පවුලක, උපන්ඔහු දේශප්‍රේමී ජෙනරාල්වරයෙකි. සොං රාජවංශයේ බිදවැටීමත් සමග ඔහු යුවාන් රාජවංශයට එරෙහි සටන් මෙහෙයවී ය. |
ගුවෝ ජුන් | ලි ආඕ | ලින් මුෆෙයි යටතේ සේවය කළ නිලධාරියෙකි. ෂාඕ ජිආයිට ප්‍රිය කළ ඔහු පසුව ඔවුන් දෙදෙනාටම වෛර කරයි. පසුව මොංගෝලියානුවන්ට සහාය දෙයි. |
ෂාඕ යි | හන් තොං | ලින් මුෆෙයිගේ අනුගාමිකයෙකි. |
මා ෆෙයි | වූ ක්විංතොං | ලින් මුෆෙයිගේ අනුගාමිකයෙකි. |
ෂෑං ලෙයි | ෂාඕ ෂේ | හ්වෑං ක්‍යාඕට ප්‍රියකළ දූෂිත නිලධරයෙකි. සොං රාජවශයේ බිදවැටීමත් සමග ඔහු යුවාන් රාජවංශයට සේවය කරයි. |
නියු බෙන් | පාලක වං | ලින් මුෆෙයි සහ හ්වෑං ක්‍යාඕගේ මිතුරු මුළුතැන්ගෙයි සහායකයෙකි. |
නළු කැල | චරිතය | විස්තරය |
එඩ්වින් සියු | ෆෑං නිං | හ්වෑං ක්‍යාඕගේ සමීප මිතුරෙකි. ඇයට බොහෝ කලක් පෙම් කළ ඔහු පසුව ඇය සමග විවාහ වෙයි. |
චෙං පෙයි-පෙයි | ෆෑං මහත්මිය | ෆෑං නිං, ෆෑං පෝ සහ ෆෑං ජිංගේ මවයි. ඇය ෆෑං පවුලේ සායම්හලේහිමිකාරිණයයි. ඇය හ්වෑංට රෙදිපළි සායම්ගැන්වීමට උගන්වයි. |
ෂෙං ගුඔලින් | ෆෑං පෝ | ෆෑං නිංගේ අයියණ්ඩියයි. මහා රෙදිකම්හලේ වියන්නියන්ගේ මිතුරෙකි. |
හේ යැන් | ෆෑං ජිං | ෆෑං පෝ සහ ෆෑං නිංගේ වැඩිමහල් සොයුරියයි. |
හේ ජියැන්ෂේ | ෂි පුජී | ෆෙං ජිංගේ පෙම්වතා වන අතර ෆෑං පවුලේ සායහම්හලේ සේවකයකි. |
නළු කැල | චරිතය | විස්තරය |
ලියු දොං | ඒ'දොං | යාෂූ හි ප්‍රදේශවාසියෙකි. හ්වෑං සහ රොං හට කපු කර්මාන්තය පිළිබද උගන්වයි. |
ක්‍රිස්ටි ගුඕ | ෆූ යයා | ඒ'දොං ගේ අසල්වැසියායි. හ්වෑං සහ රොං ට කපු විවීම පිළිබද මූලික කරුණු උගන්වයි. |
නළු කැල | චරිතය | විස්තරය |
ඩේමියන් ලාවු | ෆෙං ජියුජින් | සත්‍ය නම යේලු ෂිමු යි. සැබවින්ම ඔහු ඛිතන් වංශාධිපතියකු වූ යේලු චුකායිගේ පුත්‍රයායි. ඔහු ලියාඕ රාජවංශයෙන් පැවත එන්නෙකි. උගත් කලාශිල්පියකු වන ෆෙං හ්වෑංහට දැව කලාව උගන්වයි. |
ඊතන් යාඕ | යේලූ ෂිමු (තරුණ විය) | |
ලි ක්විංෂියාං | තාඕවාදී සුන් | ඇනුම්පද කියන නමුත් බුද්ධිමත් අයෙකි. ඔහු ෆෑං නිං සහ ෆෙං ජියුජින් ව සුවපත් කරයි. |
ජෙරී චෙං | හ්වෑං චුන්යාඕ | හ්වෑංගේ පියා සහ රොං ෂ්‍යුමන්ගේ පැරණි පෙම්වතා යි. |
දායි චුන්රොං | ගුආන් මහත්මිය | දේදුණු වලා රෙදි කම්හලේ හිමිකාරිණිය සහ රොං ෂ්‍යුමන්ගේ ව්‍යාපාර එදිරිවාදිනියයි. |
යැන් යොංෂුවාන් | වං යිං | ලින් මුෆෙයිගේ මව යි. |
ලූ යේජියෑං | ඒර්දේ | මොංගෝලියානු කුමරෙකි. |
චීන ඉතිහාසයට අනුව, සොං රාජවංශයේ ලිෂොං අධිරාජයා සහ දුෂොං අධිරාජයා| සැබවින්ම මාමණ්ඩිය සහ බෑණනුවන් වූහ. නමුත් මෙම අ වීවර් ඔෆ් ද හොරයිසන් කතාමාලාව තුළ ෂාඕ ජිආයිගේ පැවැත්ම සදහා ඔවුන් සහෝදරයින් ලෙස නිරූපණය කර ඇත. ඇත්තෙන්ම ෂාඕ ජිආයි නැමැත්තියක් ජීවත් ව නොමැති අතර ඇයගේ චරිතය මෙම කතාමාලාව සදහා නිර්මාණය කරන ලද්දකි. තිරරචකයින් ඇය දුෂොං අධිරාජයාගේ දියණිය ලෙස සදහන් කිරීමට කැමති වී නැත.
මෙම කථාවේ එන හ්වෑං දඕපෝ, දුෂොං අධිරාජයා, මොංගෝලියානු සෙන්පති බයාන්, සහ යේලූ චුකායි යන චරිත හැර සෙසු චරිත ප්‍රබන්ධ චරිතයන් වේ. මෙම කථාවේ බොහෝ අවස්ථා ඓතිහාසික වාර්තා සමග නොගැලපේ.දුෂොං අධිරාජයාගේ මරණය, ගොංෂොං අධිරාජයාගේ බලයට පත් වීම සහ බලය අත්හැරීම, ෂියාංග්යෑංහි සටන, යාමෙන්හි සටන සහ සොං රාජවංශයේ අවසන් අධිරාජයන් දෙදෙනා වූ දුආන්ෂොං අධිරාජයා සහ හ්වායිෂොං අධිරාජයා පිළිබද සදහනක් ඇත.
මෙහි එන සොං සහ මොංගෝලියානු යුධ වස්ත්‍ර සැබවින්ම නිර්මාණය කෙරුණේ The Young Warriors (2006) සහ The Legend of the Condor Heroes (2008) යන රූපවාහිනී කථාමාලා සදහායි.
මුලින් හ්වෑං ක්‍යාඕගේ චරිතය සදහා තෝරා ගැනුණේ සිසිලියා ලියු වයි. නමුත් ඇය පිටපත කියවීමෙන් පසු ෂාඕ ජිආයිගේ චරිතය නිරූපණය කිරීමට කැමති වූ නිසා එම චරිතය සදහා ජැනින් චෑං තෝරා ගන්නා ලදී.[1]
සමහර වෙබ්අඩවි මගින් මෙම කතාමාලාවේ එන විවිධ දර්ශන කතාමාලාවෙන් මකාදමා ඇත. ඒ අතර පහත ඒවා වේ:
මෙමකතාමාලාව එය නිපද ළුූ චීනය සහ තායිවානය තුළ ධනාත්මක ප්‍රතිචාර වාර්තා කළේ ය.[5]
රට | මාධ්‍ය ජාල(ය) | විකාශය ආරම්භය | තේමාව |
---|---|---|---|
![]() |
TPBS | 2013 ජනවාරි 27 | ผ้าทอชีวิต (ෆා තෝර් චීවිට්; අර්ථය වියෙන දිවිය යන්නයි.[6]) |
![]() |
ජාතික රූපවාහිනී නාළිකාව | 2016 ජූලි 4 | සන්නාලියනේ[7] |