සමගි ජන බලවේගය ஐக்கிய மக்கள் சக்தி United People's Power | |
---|---|
නායකයා | සජිත් ප්‍රේමදාස |
සභාපති | ඉමිතියාස් බාකීර් මාකර් |
මහ-ලේකම් | රංජිත් මද්දුමබණ්ඩාර |
ආරම්භක | සජිත් ප්‍රේමදාස |
ප්‍රකාශකයා | එස්.එම්. මරික්කාර්[1] |
උද්‍යෝගපාඨය | දිනමු |
ආරම්භය | 10 පෙබරවාරි 2020 |
බිඳීම | එක්සත් ජාතික පක්ෂය |
මූලස්ථානය | 815, ඊ.ඩබ්ලිව්. පෙරේරා මාවත, අතුල්කෝට්ටේ[2] |
තරුණ පාර්ශවය | සමගි තරුණ බලවේගය |
මතවාදය | ප්‍රගතිශිලීත්වය ජනතාවාදීත්වය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සද්ජාතිකත්වය ආර්ථික ලිබරල්වාදය ප්‍රගතිවාදය |
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 39 / 225 |
පළාත් පාලන සභිකයන් | 1,767 / 8,793 |
මැතිවරණ ලාංඡනය | |
දුරකථනය ![]() | |
වෙබ් අඩවිය | |
sjb.lk/ | |
සමගි ජන බලවේගය (දෙමළ: ஐக்கிய மக்கள் சக்தி, ඉංග්‍රීසිːSamagi Jana Balawegaya) යනු ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් දේශපාලන පක්ෂයකි . 2020 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ (එජාප) කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම සන්ධානය පිහිටුවන ලදී. 2020 පෙබරවාරි 11 වන දින ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඔවුන් එම පක්ෂය ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගෙන ඇති බවයි. පක්‍ෂයේ මහලේකම්වරයා ලෙස රංජිත් මන්දුමබණ්ඩාර නම් කෙරුණා. ජාතික හෙළ උරුමය (ජා.හෙ.උ.), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (ශ්‍රී.ලං.මු.කොං.) සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (දෙ.ප්‍ර.ස) 2020 පෙබරවාරි වන දින නව සන්ධානයට එක් වේ. සන්ධානය පිහිටුවා මාස 6ක් වැනි කෙටි කාලයකදී ආසන 54ක් දිනාගත් අතර ප්‍රධාන විපක්ෂය බවට පත්විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 77 දෙනෙකුගෙන් 52 දෙනෙකු නව සන්ධානයට එක්වුණා. කෘත්‍යාධිකාරී මණ්ඩලය සන්ධානයේ නායකයා ලෙස ප්‍රේමදාසගේ නම අනුමත කළ අතර 2020 ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා මණ්ඩලයේ සභාපතිත්වය දැරීමට ඔහුට බලය ලබා දුන්නේය. 2020 පෙබරවාරි 14 වැනි දින ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම හංසයා ලකුණින් මැතිවරණයට තරග කිරීමටත් සමගි ජන බලවේගය යටතේ නාමයෝජනා ගොනු කිරීමටත් එකඟ වූයේ එක්සත් ජාතික පක්ෂය තුළ භේදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහාය.
අවසන් මොහොතේ එජාප නායක වික්‍රමසිංහ තමන් යටතේ තරග කිරීමට කලින් අනුමත කළ සන්ධානයෙන් ඉවත් විය. එතුමාගේ තීරණය ගත්තත් එජාපයේ බහුතරයක් සජබ යටතේ නාමයෝජනා අත්සන් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 75 කට ආසන්න පිරිසක් සන්ධානයට එක් වෙති. එක්සත් ජාතික පක්ෂයේ සුළුතරයක් අලියා ලකුණින් නාමයෝජනා භාර දුන්නා.
ජාතික හෙළ උරුමය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 2020 පෙබරවාරි වැනි දින නව සන්ධානයට එක්වීමට එකඟ විය.
ස්ථාවර දුරකථනයක් තම මැතිවරණ ලකුණ බව පක්ෂය නිවේදනය කරයි.
නම | ආලේඛ්‍ය චිත්‍රය | කාලය |
---|---|---|
සජිත් ප්‍රේමදාස | 10 පෙබරවාරි 2020 - වර්තමානය |
නම | ආලේඛ්‍ය චිත්‍රය | කාලය |
---|---|---|
ඉමිතියාස් බාකීර් මාකර් | 2024 සැප්තැම්බර් සිට වර්තමානය දක්වා |
නම | ආලේඛ්‍ය චිත්‍රය | කාලය |
---|---|---|
රංජිත් මද්දුම බණ්ඩාර | ![]() |
10 පෙබරවාරි 2020 - වර්තමානය |
වසර | අපේක්ෂකයා | පළමු වටය | දෙවන වටය | ප්‍රතිඵලය | මූලාශ්‍ර | ||
---|---|---|---|---|---|---|---|
ඡන්ද | % | ඡන්ද | % | ||||
2024 | සජිත් ප්‍රේමදාස | 4,363,035 | 32.75% | 4,530,902 | 44.11% | පරාජය | [3] |
වසර | නායකයා | ඡන්ද | ආසන | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |||
---|---|---|---|---|---|---|---|---|
ඡන්ද | % | ආසන | +/– | % | ||||
2020 | සජිත් ප්‍රේමදාස | 2,771,984 | 23.90% | 54 / 225 |
![]() |
24.00% | විපක්ෂය | [4] |
2024 | 1,968,716 | 17.66% | 40 / 225 |
▼ 14 | 17.78% | විපක්ෂය |
වසර | නායකයා | ඡන්ද | සභිකයින් | පළාත් පාලන ආයතන | මූලාශ්‍ර | ||
---|---|---|---|---|---|---|---|
ඡන්ද | % | ගණන | +/– | ||||
2024 (ඇල්පිටිය) | සජිත් ප්‍රේමදාස | 7,924 | 21.83% | 6 / 30 |
![]() |
0 / 1
|
[5] |
2025 | 2,258,480 | 21.69% | 1,767 / 7,812 |
![]() |
14 / 341
|
[6] |