සරස්වතිචන්ද්‍ර | |
---|---|
ප්‍රභේදය | ඉන්දියානු සෝප් ඔපෙරා නාට්‍ය ප්‍රේම කථා |
මත පදනම්ව | ගෝවර්ධන්රාම් ත්‍රිපති විසින් රචිත සරස්වතිචන්ද්‍ර |
රචනය කලේ | වේද් රාජ් අභිජිත් සිංහා |
අධ්‍යක්ෂණය කලේ | අරවින්ද් බබ්බාල් ෂාරද් පාන්ඩේ මායාන්ක් ගුප්තා හිමාංෂු සිං අර්ෂාද් ඛාන් |
රඟපෑම | ගෞතම් රෝද් ජෙනිෆර් විංගට් |
තේමා සංගීත නිර්මාණකරු | කර්තෘ සන්ජේ ලීලා බන්සාලි පදරචනය සිද්ධාර්ත්-ගරිමා ගායනය ශ්‍රේයා ඝෝෂාල් සහ ජාවෙඩ් අලි |
ඇරඹුම් තේමාව | "බාදේ අච්චේ ලග්තේ හේන්" ශ්‍රේයා ඝෝෂාල් සහ ජාවෙඩ් අලි විසිනි |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාංග ගණන | 444 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | සුන්ජෝයි වාධ්වා කෝමල් සුන්ජෝයි ඩබ්. |
සිනෙමාරූපණය | දීපක් පාන්ඩේ අර්ජුන් රාවෝ |
ධාවන කාලය | ආසන්න වශයෙන් මිනිත්තු 22 |
නිෂ්පාදන සමාගම | SLB නිෂ්පාදන (2013) Sphere Origins (2014) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් ඩීඩී නැෂනල් |
රූප ආකෘතිය | 576i (SDTV) 1080i (HDTV) |
මුල් ධාවනය | 25 පෙබරවාරි 2013 | – 20 සැප්තැම්බර් 2014
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
සරස්වතිචන්ද්‍ර යනු සන්ජේ ලීලා බන්සාලි විසින් නිර්මාණය කරන ලද, වේද් රාජ් සහ අභිජිත් සිංහා විසින් රචනා කරන ලද, ඉන්දියානු සෝප් ඔපෙරාවකි. මූලිකව මෙම නිර්මාණය ගෝවර්ධන්රාම් ත්‍රිපති විසින් එම නමින්ම ලියන ලද නවකථාවක් ඇසුරෙන් නිමවා ඇත. මෙය ස්ටාර් ප්ලස් නාලිකාව ඔස්සේ 2013 පෙබරවාරි 25 සිට 2014 සැප්තැම්බර් 20 දක්වා විකාශය කෙරිණි.[1] මෙය මලයාලම් බසින් ස්වයංවරම් ලෙස හඬකවා නම්කෙරිණි. ශ්‍රී ලංකාව තුළ මෙය සිංහල බසින් හඬකවා සරස්වතිචන්ද්‍ර යනුවෙන් නම්කොට විකාශය කෙරිණි.
සරස්වතිචන්ද්‍ර කථාව ගෙතී ඇත්තේ තරුණ, උගත්, විනීත වංශවතකු වූ සරස්වතිචන්ද්‍ර ව්‍යාස් හෙවත් සරස් වටායි. ඔහුගේ මව වූ සරස්වතී ඔහු කුඩාකලදී සියදිවි නසාගනියි. ඔහුගේ පියා වූ ලක්ෂ්මිනන්දන් ව්‍යාස් අනතුරුව, ගුමාන් නැමැති කෲර ආත්මාර්ථකාමී කාන්තාව සමග විවාහ වන අතර, ඔවුනට ඩැනී නැමැති කාරුණික පරාර්ථකාමී පුතකු ලබයි.
ලක්ෂ්මිනන්දන් සිය හොඳම මිත්‍රරා වූ විද්‍යාචතුර් දේසායිගේ උගත් දියණිය වූ කුමුද් දෙසායි සමග සරස්ගේ විවාහය තීන්දු කරයි. කෙසේනමුත් සිය මවගේ මරණය නිසා කැළඹීමට පත්ව සිටි සරස් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කුමුද් වෙත ලිපියක් යවයි. මුළු හදින්ම මෙම විවාහ යෝජනාවට එකඟව සිටි කුමුද්, එය තමන්ට සිදුකළ නොහැකි බවත් එය සිය පියාණන්ට පවසන ලෙසත් දන්වයි. සරස් ඩුබායි සිට කුමුද්ගේ ගම වන රත්නගර් වෙත පැමිණෙන අතර කුමුද්ගේ නිවස වෙත ගමන් කරයි. කෙසේනමුත්, කාලයත් සමග සරස් කුමුද්ගේ පවුලේ අයගේ පිළිවෙත්වලට හුරුවෙයි. ඔහු ක්‍රමයෙන් කුමුද් සමග ප්‍රේමයෙන් බැඳෙයි.
කෙසේනමුත්, නැවත ඩුබායි වෙත යන විට, ඊර්ෂ්‍යාකාර ගුමාන් විසින් ඔහුගේ භාණ්ඩ අතරට ඇතුළුකර තිබූ, සිය මව විසින් ලියන ලදැයි පැවසෙන ලිපියක් සරස්ට හමු වේ. එය අනුව සිය මව සියදිවි නසාගෙන තිබුණේ, ලක්ෂ්මිනන්දන් සහ ගුමාන් අතර සම්බන්ධයක් පැවති බව ඇය සොයාගැනීමෙන් අනතුරුවයි. මෙමගින් කලබලයට පත්වන සරස්, සිය පියා පිළිබඳ පිළිකුලෙන් යුතුව සිය නිවස හැර යයි. එම ලිපිය සත්‍ය යැයි සිතන ඔහු, තවතුරටත් ධනවතකුගේ පුතකු නොවන නිසා කුමුද් සමග විවාහ නොවීමට තීරණය කළේ තමන්ට කුමුද්හට උපකාර කිරීමට නොහැකි යැයි සිතමිනි.
සිය පවුලේ කීර්තිය රැක ගැනීමට, බිඳුණු සිතින් යුතුව කුමුද් දේශපාලන පවුලක පුත්‍රයකු වූ ප්‍රමෝද් ධර්මාධිකාරි සමග විවාහ වීමට තීරණය කරයි. කෙසේනමුත්, විවාහයෙන් පසු, ප්‍රමෝද් යනු බේබද්දකු බව කුමුද් වටහා ගනී. ප්‍රමෝද්, කුමුද්හට නරක අයුරින් සැලකුව ද, ඔහු අසලින්ම සිට ඔහුව යහමගට ගැනීමට කුමුද් තීරණය කරයි.
සරස් සිය වරද වටහාගෙන කුමුද්ගේ විවාහය නතර කිරීමට උත්සාහගත් බව කුමුද් නොදනී. නමුත් එයට පෙර ක්‍රියාකාරීවන ප්‍රමෝද් මැරවරයන් ලවා ඔහුට බරපතල තුවාල සිදුකර මියයාම පිණිස දමා යයි. මේ අතර ප්‍රමෝද්ගේ සොයුරිය වන අලාක්, සරස්ව සොයාගෙන සිය නිවස වෙත ගෙන යයි. එම නිවසේම කුමුද් ද රැඳී සිටියි. නැවත සුවපත් වන ඔහු කුමුද්ව සොයාගන්නා අතර, ප්‍රමෝද් කුමුද්හට හිංසා කිරීමට හේතුව දැනගන්නා ඔහු සිය නම නවීන්චන්ද්‍ර ලෙස වෙනස් කරගනියි. ඔහු ප්‍රමොද්ගේ ක්‍රම වෙනස් කර ඔහුව සහ කුමුද්ව එකමුතු කිරීමට ඉටාගනී.
සිය පුත්‍රයා වන ප්‍රමෝද්ගේ නොමනා ක්‍රියාකලාපය පිළිබඳ කෝප වන බුද්ධි ධාන් ධර්මාධිකාරී, සිය ලේකම්වරයා ලෙස නවීන් (සරස්) පත්කර ගනියි. මේ හේතුවෙන් සිය පියා තමන්ට වඩා සරස්ට ප්‍රියකරන බව සිතා ප්‍රමෝද්, සරස් කෙරෙහි ඊර්ෂ්‍යා කරයි.
සරස් තමන්ව විවාහ කර නොගැනීමට හේතුව වටහාගන්නා කුමුද්, ඔහුට සමාව දෙන අතර, ප්‍රමෝද් ඔහුට සිදු කරන අවමන් තමන්ට අසා සිටිය නොහැකි බව බවසන ඇය සරස්හට පිටව යන ලෙස පවසයි. නමුත් කුමුද් සහ ප්‍රමෝද් එකතු කරන තෙක් තමන් පිටව නොයන බව ඔහු පවසයි.
ක්‍රමයෙන් ප්‍රමෝද්ගෙන් වෙන්වන කුමුද්, සරස් සමග විවාහ වෙයි. මේ අතර සරස්ගේ බාලසොයුරා වන කබීර් තවමත් ජීවත් වන බවත්, ඔහු ගුමාන් සමග එක් වී දේසායි/ව්‍යාස් පවුල විනාශ කිරීමට උත්සාහ දරන බවත් හෙළිවෙයි. ගුමාන්ගේ පුත්‍රයා සහ සරස් හා කබීර්ගේ සුළු සොයුරා වූ ඩැනී, සත්‍ය දැනගන්නා අතර ගුමාන්ව සිය මව ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. ඇයව සිරභාරයට පත් වන අතර, කබීර් ව්‍යාස්/දේසායි පවුල් නැවත සමගි කරමින් සිය පියා සමග එක් වෙයි.
මුම්බායිහි වෙසෙන ප්‍රමුදිත දැරියක වන අනුෂ්කා ද මෙම කථාවට එකතු වෙයි. ඇය සහ කබීර් නිතර ගැටෙන අතර, ක්‍රමයෙන් ප්‍රේමයෙන් බැඳෙති. සිදුවීම් ගණනාවකින් පසු, අනුෂ්කා සහ කබීර් අවසානයේ විවාහ වන අතර, වසර ගණනාවකට පෙර මියගිය බව සිතූ සිය මව නැවත සරස් සහ කබීර්හට හමුවෙයි. කථාව අවසන් වන්නේ සරස් සහ කුමුද්ගේ පළමු දරුවා වන සංස්කෘති සරස්වතිචන්ද්‍ර ව්‍යාස්ගේ උපතත් සමගයි.
රට | මාධ්‍ය ජාලය | විකාශය ආරම්භ වූ දිනය | තේමාව |
---|---|---|---|
බල්ගේරියාව | bTV/bTV Lady [13] | 2015 ජූනි 1 | Сияйна луна |
ස්ලෝවැකියාව | TV Doma [14] | 2016 පෙබරවාරි 8 | Indická nevesta |
වියට්නාමය | TodayTV | 2016 ජූනි 1 | Định Mệnh |
ශ්‍රී ලංකාව | TV 1 | 2016 අගෝස්තු 14 | සරස්වතිචන්ද්‍ර |
පැනමාව | TVN | 2016 සැප්තැම්බර් 26 | සරස් යි කුමුද් |
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | චරිතය | රංගනය | ප්‍රතිඵලය |
---|---|---|---|---|---|
2013 | ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම ජෝඩි | සරස් සහ කුමුද් | ගෞතම් රෝද්/ජෙනිෆර් විංගට් | දිනාගති |
ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම බේටා | සරස් | ගෞතම් රෝද් | ||
ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම බේටි | කුමුද් | ජෙනිෆර් විංගට් | ||
ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම නායා සදස්‍යා (පිරිමි) | සරස් | ගෞතමි රෝද් | ||
ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම නායා සදස්‍යා (කාන්තා) | කුමුද් | ජෙනිෆර් විංගට් | ||
ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි | සරස් සහ කුමුද් | ගෞතම් රෝද්/ජෙනිෆර් විංගට් | ||
ස්ටාර් පරිවාර් සම්මාන | හාර් කි ඝාර් ස්ටාර් | කුමුද් | මානසි පාරේඛ් | ||
ස්ටාර් පරිවාර් සම්මාන | හාර් කා ඝාර් ස්ටාර් | සරස් | ගෞතම් රෝද් | ||
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම නාට්‍ය නිළිය | කුමුද් | ජෙනිෆර් විංගට් |
{{cite web}}
: Check date values in: |accessdate=
(help)
{{cite web}}
: Check date values in: |accessdate=
(help)
{{cite web}}
: Check date values in: |accessdate=
(help)
{{cite web}}
: Check date values in: |accessdate=
(help)
{{cite web}}
: Check date values in: |accessdate=
(help)
{{cite web}}
: Check date values in: |accessdate=
(help)
{{cite web}}
: Check date values in: |accessdate=
(help)
{{cite web}}
: Check date values in: |accessdate=
(help)
{{cite web}}
: Check date values in: |accessdate=
and |date=
(help)
{{cite web}}
: Check date values in: |accessdate=
and |date=
(help)
{{cite web}}
: Check date values in: |accessdate=
(help)
{{cite web}}
: Check date values in: |accessdate=
and |date=
(help)
{{cite web}}
: Check date values in: |accessdate=
(help)