සාන්ත ජෝන් විද්‍යාලය - පානදුර | |
---|---|
ගොනුව:Sjnsp logo1.png | |
ස්ථානය | |
![]() | |
උඩහමුල්ල, පානදුර. | |
තොරතුරු | |
වර්ගය | ජාතික පාසලකි |
ආදර්ශ පාඨය | නත්ථි මෙත්තාය දුක්කරං |
ආරම්භ කලේ | 1876 |
ආදිකර්තෘ | සිරිල් ජෑන්ස් මහතා |
විදුහල්පති | එම්.එන්.එච්.ටී.පි. ද සිල්වා මහතා |
ශ්‍රේණි | 1 වසරේ සිට 13 වසර දක්වා |
බාලක/බාලිකා | ගැහැණු සහ පිරිමි |
සිසුන් ගණන | 1500 ට වඩා වැඩි |
වර්ණ(ය) | කොළ හා සුදු |
වෙබ් අඩවිය | http://www.sjnsp.sch.lk |
සාන්ත ජෝන් විද්‍යාලය කලුතර දිස්ත්‍රික්කයේ පානදුර ප්‍රද්ශයේ ඇති ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාසලකි. එය 1876 වසරේදී ආරම්භ කරන ලදී. සාන්ත ජෝන් විද්‍යාලය සතුව වසර 134 ක සාඩම්බර ඉතිහාසයක් පවතී. ආරම්භයේදී ගැහැණු හා පිරිමි දරුවන් කුඩා ප්‍රමානයකින් ආරම්භ කලත් වර්තමානයේ 2000 කට අධික සිසුන් පිරිසක් සාන්ත ජෝන් විදු මව් තුරුලේ අධ්‍යාපනය හදාරමින් සිටියි. දැන් එය ශ්‍රී ලංකාවේ ඇති අතලොස්සක් වූ ජාතික පාසල් වලින් එකකි.
අද දින වන විට සාන්ත ජෝන් විද්‍යාලය, විද්‍යාලයාධිපති එම්.එන්.එච්.ටි.පි. ද සිල්වා මැති තුමන් විසින් මග පෙන්වන 100 කට වැඩි ගුරු මණ්ඩලයකින් නැණ ලබන 2000 කට වැඩි සිසු පිරිසකට විද්‍යාස්ථානය වන්නේ ය. ශ්‍රී ලංකා වේ පාසල් අතුරින් ඉදිරියෙන්ම සිටින සාන්ත ජෝන් විද්‍යාලය දිවයිනේ පාසල් අතුරින් විශිෂ්ඨතමයන්ගේ විශිෂ්ඨතමයෙක් ලෙස සැලකෙන්නේ ය. එමෙන්ම සාන්ත ජෝන් විද්‍යාලය ශ්‍රී ලංකාව තුල පමණක් නොව සමස්ත ලෝකයේම කිසිදා නොමැකිය හැකි සලකුණක්ව වැජඹෙයි.
ප්‍රාථමික සහ ද්විතීයක ලෙස පාසල සතු අංශ දෙකකි. ප්‍රාථමික අංශය 1 සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් හට සෙවන සදන්නාක් මෙන්ම ද්විතීයක අංශය 6 සිට 13 ශ්‍රේණි දක්වා සාන්ත ජෝන් සිසුනගේ විදු පියස වන්නේය. ප්‍රාථමික හා ද්විතීක මෙන්ම අ.පො.ස උසස් පෙළ සදහා ගණිත, විද්‍යා, වාණිජ හා කලා යන සියලු අංශයන්ගෙන් ප්‍රවීන ගුරු මණ්ඩලයක් යටතේ සිප්සතර ලැබීමට සියලුම පාසල් විද්‍යාර්ථයින් භාග්‍යවන්ත වී ඇත.
පරසිදු උගතුන් මෙන්ම වෛද්‍ය, තාක්ෂණික, දේශපාලන, පොදු සේවා, අධ්‍යාපන ආදී අංශයන්හි ප්‍රබලතම මෙන්ම අමරණීය චරිතයන් බොහොමයක් සාන්ත ජෝන් විද්‍යාලය නැමති මව් තුරුලින් අධ්‍යාපනයෙන් මෙන්ම ගුණධර්ම වලින් ද පහස ලැබූවෝ වෙති. එමෙන්ම සාන්ත ජෝන් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රථම ආදි ශිෂ්‍ය සංගමය ද වේ.
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා
ආචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා
එඩ්මන් ඩයස් මහතා
ගෞරි වික්‍රමසිංහ මහතා
ආචාර්ය ගුණපාල මලළසේකර මහතා
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා
ලෙස්ලි ගුණවර්ධන මහතා
ස්ටැන්ලි සේනානායක මහතා
ලලිත් ඇතුලත්මුදලි මහතා
ඒ.සී. ගුණරත්න මහතා
ශ්‍රීමත් සුසන්ත ද ෆොන්සේකා මහතා
ආචාර්ය එම්.වි.පි. පීරිස් මහතා
පිටර් පෙරේරා අබේසේකර මහතා
නන්දසිරි ජිනසේන මහතා
න්න්දසේන රත්නපාල මහතා
ඩග්ලස් රාමනායක මහතා
ඩි.කේ. කුලසේකර මහතා
ජේ.ඒ. සමරසේකර මහතා
සි.පි.පි. සමරසේකර මහතා
පර්සි සමරවීර මහතා
සාන්ත ජෝන් අප විදුහල් මාතා
හෙබවූ පානදුරා
දුසිරිත පලවා සුසිරිත නංවා
විජයතු ඔබ මාතා......
විජයතු ඔබ මාතා
ගැමුණු විජයබා මහ හෙලවිරුවෝ
දෙස බස රැස නැංවූ
එබදු විරාජිත ගුණයෙහි පූජිත
සුගත් අපේ මාතා
සාන්ත ජෝන් අප විදුහල් මාතා
හෙබවූ පානදුරා
ගුණකද ඉතිරී දස දෙස පැතිරී
දින දින දියුණු සදා ආ.... ආ....
තෙද බල පෙන්වා පෙරමුණ ගන්නෝ
ඔබෙ සුරතල් දරුවෝ
අභිමන් වඩවා ආසිරි සුවදින්
පුද දී වෙමු සුරුවෝ
සාන්ත ජෝන් අප විදුහල් මාතා
හෙබවූ පානදුරා
හෙලඹර වැජඹෙන ඹබ සිරි දෙරණේ
දිගුකල් වැජබේවා....
දිගුකල් වැජබේවා....
පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන මතක සටහන් ඉතිරි කරන, හරිත මහා සටන යන නාමයෙන් විරුදාවලිය ලැබූ ක්‍රිකට් මහ සටන සෑම වසරකම ක්‍රිකට් නම් වූ යුද පිටියේ යුද නායකයන් ලෙස සැලකෙන පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය, පාණදුර අතර සෑම වසරකදීම පානදුර නගරසභා ක්‍රීඩාංගනයේදී පවත්වනු ලබයි. එහි එක් දින තරග සත්කාරකත්වය සාන්ත ජෝනුවන් උසුලන කල්හි ටෙස්ට් තරග සත්කාරකත්වය රාජකීයන් උසුලනු ලබයි. එහි එක් දින තරග සත්කාරකත්වය රාජකීයන් උසුලන කල්හි ටෙස්ට් තරග සත්කාරකත්වය සාන්ත ජෝනුවන් උසුලනු ලබයි.
මෙහි දැක්වෙන්නේ සාන්ත ජෝන් විද්‍යාලීය ක්‍රීඩා නිවාසයන්හි නිවාස නාමයන්ය.