සිංහල රාජධානියෙහි රජ | |
---|---|
පූර්ව රාජාණ්ඩුව | |
1815 දී මහනුවර රජුගේ රාජකීය ධජය | |
පළමු රජ | විජය |
අවසන් රජ | ශ්‍රී වික්‍රම රාජසිංහ රජ |
නිල නිවහන | තම්බපණ්ණි, අනුරාධපුරය, පුලත්තිනගර,[1] පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොළ, කෝට්ටේ, මහනුවර |
රාජාණ්ඩුව ඇරඹීම | ක්‍රිපූ 543 |
රාජාණ්ඩුව අවසන් වීම | 1815 |
ශ්‍රී ලංකා දිවයිනට උතුරු ඉන්දියානු ඉන්දු-ආර්ය සංක්‍රමණිකයන් පැමිණ ජනාවාසකරණය වීමත් සමගම සිංහල රාජාණ්ඩුවෙහි සම්භවය ඇතිවිය. . දිවයිනෙහි සාම්ප්‍රදායික වංශකථාවන් වන දීපවංශය, මහාවංශය සහ චූලවංශය, සහ පසුකාලීන වංශකථාවන් පරිදී, ඉන්දියානු කුමාරයෙකු වූ විජය කුමරු (ක්‍රිපූ 543–505) සහ ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙක් ශ්‍රී ලංකා දිවයිනට ගොඩබැස, තම්බපණ්ණි රාජධානිය පිහිටුවීම සිදුවූ ක්‍රිපූ 543 [N 1] සමගම පළමුවන සිංහල රාජධානිය පිහිටුවීම සිදුවිය. [2] [3] සිංහල පුරාණෝක්ති ප්‍රකාර, විජය කුමරු සහ ඔහුගේ අනුගාමික පිරිස සිංහල ජනයාගේ මුතුන් මිත්තෝ බව පැවසෙයි.