සියාසත් | |
---|---|
මෙලෙසද හැඳින්වේ | මල්ලිකා |
ප්‍රභේදය | ඓතිහාසික ප්‍රබන්ධ |
අධ්‍යක්ෂණය කලේ | සිද්ධාර්ත් ආනන්ද් කුමාර් |
රඟපෑම | චාරු ෂංකර් සුධාංශු පාණ්ඩේ උදය ටිකේකාර් දීපිකා අමීන් |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 2 |
කථාංග ගණන | 42 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | රිෂාබ් සෙත් |
ස්ථානය(න්) | රාජස්ථානය |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | මිනිත්තු 60 |
නිෂ්පාදන සමාගම | ග්‍රීන් ලයිට් ප්‍රොඩක්ෂන්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | EPIC නාළිකාව |
රූප ආකෘතිය | |
Original airing | 20 නොවැම්බර් 2014 |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
සියාසත් (සිංහල: දේශපාලනය) යනු EPIC නාළිකාව ඔස්සේ විකාශය වූ ඉන්දියානු ඓතිහාසික නාට්‍යයකි.[1] මෙම කතාමාලාව ඉන්දු සුන්දරේසන්ගේ සුප්‍රකට සම්මානනීය නවකථාවක් වන The Twentieth Wife (“විසිවන බිරිඳ”) ඇසුරෙන් නිමවා ඇත.[2]
මෙම කතාමාලාව ගෙතී ඇත්තේ මූඝල් දේශපාලනය, අන්තර්-පුද්ගල අරගල, කුමන්ත්‍රණ සහ ශ්‍රීවිභූතිය පසුබිමෙහි ය. මෙහි සලීම් කුමරු (මූඝල් අධිරාජ ජහාන්ගීර්) සහ මෙහර්උන්නිසා හෙවත් නූර් ජහාන් නැමැති සලීම්ගේ විසිවන සහ අවසන් බිරිය අතර ඇති වූ ප්‍රේම වෘත්තාන්තය නිරූපණය වේ.[2][3] මෙම කතාමාලාව විකාශය ඇරඹියේ 2014 නොවැම්බර් 20 දින ය. එය මිනිත්තු 60ක ධාවන කාලයකින් යුත් කථාංග 42කින් සමන්විත විය.[4]
සියාසත් රූපවාහිනී මාලා නාට්‍යය තුළින් අක්බර්ගේ සිහසුන වෙනුවෙන් ඇතිවූ මූඝල් දේශපාලන අරගලය නිරූපිත ය. එසේම සලීම්-මෙහර්උන්නිසා යුවළගේ ප්‍රේම වෘත්තාන්තය ද එය සමග බැඳී ඇත. මොවුන් දෙදෙනා අතර ඇති වූ සම්බන්ධතාවය මූඝල් දේශපාලනයේ දිශානතිය නව මඟකට යොමු කරමින් ඉන්දීය ඉතිහාසය වෙනස් කිරීමට හේතු විය. මෙම කතාමාලාව රූගත කොට ඇත්තේ හෝටලයක් බවට පත්වූ මාලිගාවක ය. මෙහි වූ මනරම් පසුතල හේතුවෙන් මෙම කතාමාලාව වඩාත්ම ජනාදරයට පත් ඉන්දියානු රූපවාහිනී මාලා නාට්‍යයක් බවට පත්ව ඇත.[5][6]
මෙම කතාමාලාව රූගත කෙරුණේ මාස හයක් පුරා රාජස්ථානයේ බිකනේර්හි ය.[11] මෙහි දී අක්බර් අධිරාජයාගේ අගනුවර වූ ෆාටෙහ්පූර් සික්රි වෙනුවට ආදේශකයක් ලෙස ලක්ෂ්මි නිවාස් මාලිගය භාවිතා විය. කතාමාලාවේ වස්ත්‍ර නිර්මාණය සිදුකරන ලද්දේ අධ්‍යක්ෂක ශ්‍යාම් බෙනෙගාල්ගේ දියණිය වන පියා බෙනෙගාල් විසිනි.[12]
චාරු ෂංකර් සිය ඉන්දියානු රූපවාහිනී ආගමනය සිදුකළේ සියාසත් තුළිනි. ඇය තමන් ප්‍රධාන චරිතය සඳහා තෝරාගැනුණු අයුරු මෙසේ විස්තර කොට ඇත, "තාජ් මහල් තුන්ඈඳුතු නවකථා ත්‍රිත්වයම මා කියවා තිබෙනවා. මම ඒවාට කැමතියි. නිෂ්පාදකයන් මට කතාකොට පැවසූයේ ඔවුන් ගේම් ඔෆ් ත්‍රෝන්ස්-ආරේ කතාමාලාවක් නිර්මාණය කරන්නට යන බවයි. එයට මා පැවසූයේ, "විශිෂ්ටයි. ඔබට අවශ්‍ය මා කුමන චරිතය නිරූපණය කරන්න ද?" එවිට මට දැනගන්නට ලැබුණා එය මෙහර්උන්නිසා [නූර් ජහාන්ගේ උපන් නාමය] වෙනුවෙන් බව. ඒ අවස්ථාවේ මම වාහනය පදවමින් සිටියේ. ඉන් ඇතිවූ විස්මය නිසා මගේ වාහනය අනුතරටත් ලක් වුණා." ෂංකර් නූර් ජහාන්ගේ චරිතය සඳහා තමන් සූදානම් වූ අයුරු මෙසේ විස්තර කරන්නී ය: "කතාමාලාව රූගත කළ බිකනේර්වලට යාමට පෙර මට සූදානම් වීමට ඉතිරිව තිබුණේ මසක කාලයක්. ජාතික කෞතුකාගාරයේ කලා ඉතිහාස පාඨමාලාවක් හැධෑරීමට මට සිදුවූවා. ඒ කාලයේ මා මූඝල් ලඝු සිතුවම් අධ්‍යයනය කරමින් මෙහර්උන්නිසා දිවිගෙවූ ලෝකය කෙබඳු දැයි සිහියට නැගීමට උත්සාහ දැරුවා."[11]
මෙම වැඩසටහන රාජස්ථානයේ සහ බිකනේර්හි සැබෑ මාලිගා වැනි විවිධ ස්ථානවල රූගත කෙරිණි. සියාසත් මගින් මූඝල් රාජකීයයන්ගේ දිරාපත් ජීවන රටාව, ගෘහනිර්මාණ ශිල්පය, කලාව සහ කථා පුවත් රැගෙන එයි.[13]
{{cite news}}
: More than one of |archivedate=
and |archive-date=
specified (help); More than one of |archiveurl=
and |archive-url=
specified (help)
{{cite news}}
: More than one of |archivedate=
and |archive-date=
specified (help); More than one of |archiveurl=
and |archive-url=
specified (help)