කිත්සිරි මෙවන් රජ (කීර්ති ශ්‍රී මේඝවණ) 304–332 CE
කිත්සිරි මෙවන් (කීර්ති ශ්‍රී මේඝවණ) රජතුමාගේ කාලයේ වැදගත් කරුණු:
දළදාව වැඩමවා පෙරහැර ආරම්භය,
අද ඉසුරුමුණි විහාරයේ (එකල මේඝගිරි විහාරය) දළදාව වඩා හිඳුවා පුද පූජා කිරීම.
ජලසාටිකා ධාතූන් වහන්සේ - නානකඩය තැන්පත්කර එගොඩ කැලණිය විහාරය කරවීම (සිරිපතුලක් ඇත). වැල්බෝධිය- භාවනා
පියා මහසෙන් කඩා තිබූ මහාවිහාරය සහ ලෝවාමහාපාය නැවත ප්‍රතිසංස්කරණය
ලෝක මුල්‍ය තැන්පතු සහ කළමනාකරණයේ ආරම්භයට රුකුලක් වූ තෝනිගල සෙල්ලිපිය: පුරාණ බැංකු ක්‍රමය ගැන පැරණිත ම ලියවිල්ල
වැඩිම පිරිසක් සෝවාන් වූ අරියවංස සූත්‍රදේශනාවට අනුග්‍රහය.
කීර්ති ශ්‍රී මේඝවණ | |||||
---|---|---|---|---|---|
අනුරාධපුරයේ රජ | |||||
රාජ්‍ය සමය | 304–332 | ||||
පූර්වප්‍රාප්තිකයා | මහසෙන් | ||||
අනුප්‍රාප්තිකයා | ජෙට්ඨ තිස්ස ii | ||||
| |||||
රාජවංශය | ලම්බකර්ණ රාජවංශය | ||||
පියා | මහසෙන් |
සෙල්ලිපියේ පිහිටීම
සෙල්ලිපිය සහිත පුරාවිද්‍යා ස්ථානය වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා තිබෙනවා. වවුනියාව නගරයේ සිට හොරොව්පොතාන දක්වා මාර්ගයේ කිලෝමීටර නවයක් පමණ දුරකින් ඇති කුඩාකච්චකොඩිය ගම්මානයේ දී තමයි එය දැක ගැනීමට ලැබෙන්නේ. සෙල්ලිපිය කොටා ඇත්තේ එහි පොළෝ මට්ටමේම පිහිටි ගල් තලාවක් මත යි.
දෙමළ භාෂාවෙන් ‘තෝනි’ යනු ඔරුවයි. මේ සෙල් ලිපිය පිහිටි ස්ථානයට නුදුරෙන් පිහිටි ගල් තලාවේ, ඔරුවක හැඩය ගත් කුඩා පොකුණු කීපයක් ඇති බැවින්, මේ සෙල් ලිපිය අයත් පෙදෙස ම තෝනිගල වශයෙන් හඳුන්වා තිබෙනවා.
මඩෙන් වසා රැක ගත් සෙල් ලිපිය
නූතන මූල්‍ය ආයතන මෙන් ම ගනුදෙනුකරුවන්ගෙන් තැන්පතු ලබාගෙන එම තැන්පතු ආයෝජනය කරමින් ලාභ ලැබූ එම ලාභයෙන් කොටසක් තැන්පතුකරුවන්ට වාර්ෂික පොලිය වශයෙන් ලබාදීමට සමත් වූ බැංකු ක්‍රමයක් ගැන මෙහි පැවසෙනවා. මේවායේ ගනුදෙනු කළේ කාසිවලින් නම් නොවෙ යි. විධිමත් ධාන්‍ය බැංකු ක්‍රමයක් අනුරාධපුර යුගයේ ලංකාවේ පැවති බවට මෙය වැදගත් සාක්ෂියක්.
තෝනිගල සෙල්ලිපිය
මෙම ලිපිය පිළිබඳ ව පළමුවෙන් 1886 දී හෙන්රි පාකර් විස්තර වාර්තා කොට ඇති බවත්, පසුව එච්.සී.පී. බෙල්ගේ අධීක්‍ෂණයෙන් යුතු ව මෙම ලිපියේ නේත‍්‍ර පිටපතක් සකස් කළ බවත් පැවසෙනවා.
සෙල්ලිපිය අක්‍ෂර පේළි 17කින් යුක්ත යි. මෙහි මුල් අක්‍ෂර පේළි හතර අඩි 9ක් දිගින් ද පහේ සිට දහසය දක්වා ඇති පේළි අඩි 8ක් හා අවසාන පේළිය අඩි 2ක් දිගින් ද යුක්ත යි. වර්ග අඩි 10ක පමණ ප්‍රදේශයේ පැතිරුණු ලිපියෙහි එක් අක්‍ෂරයක සාමාන්‍ය උස අඟල් 3ක් වෙනවා. වර්ෂ 1933 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙහි ස්පර්ශ ලාංඡන පිටපතක් ගෙන මෙය කියවා පළ කර තිබෙනවා.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ සෙල්ලිපිය බැංකු ක්‍රමය, පොලී ක්‍රමය හා ස්ථිර තැන්පතු ක්‍රමය සම්බන්ධයෙන් වන ලොව පැරණිත ම ලියවිල්ල බව යි. මෙහි කියවෙන කළහුමනක නියමතන නම් ආයතනය තැන්පත් බාර ගෙන පසුව ඒවාට පොලියක් ගෙවන බැංකුවට සමාන ආයතනයක්. මුදල් භාවිතයට වඩා භාණ්ඩ හුවමාරු ක්‍රමය පැවති එකල එහි තැන්පත් කර ඇත්තේ ධාන්‍ය වර්ග යි. වෙළඳ ගම්සභාව යන්න එම ආයතනයට දිය හැකි සුදුසු ම වචනය බව මහාචාර්ය පරණවිතාන සඳහන් කර තිබෙනවා. අතීතයේ තිබූ මෙබඳු තවත් ආයතන කිහිපයක් ම පිළිබඳව පෙරුමියන්කුලම, ලබුඇටබැදිගම, බඳගිරිය ආදී සෙල්ලිපිවලින් පැහැදිලි වෙනවා.
සෙල්ලිපියේ සරල තේරුම
මංගලයක් වේවා! පෘථිවීශ්වර (පෙර සිටි) මහසෙන මහ රජුගේ පුත්‍ර වූ සිරි මේඝවණ්‌ණ අභය මහ රජතුමා සේසත් එසවූ තුන් වැනි වර්ෂයේ දී නගරයෙහි උතුරු දිශාවේ ‘කලහුමනක’ නම් වෙළෙඳ සභාවේ (බැංකුවේ) තමා විසින් පරිත්‍යාග කරන ලද වස්‌තුව අඩු වීමක් හෝ හීන වීමක් හෝ නොවන ලෙස කඩුබලගම වාසය කරන අමාත්‍ය පර්ෂදයේ සිවගේ පුත්‍රයා වන දේව විසින්, යහිස පර්වතයෙහි අභිනව විහාරයට දෙන ලද අරියවංශ දේශනාව පැවැත්වීම සඳහා, වී සකට (කරත්ත) දෙකක් හා දස අමුණක වී ද, අමුණු හයක උඳු ද, මුං ඇට අමුණු දහයක්‌ද දෙන ලදී. මේ දස අමුණක වීවල මහ කන්නයේ පොලිය ද, යල කන්නයේ පොලිය ද, මැද කන්නයේ පොලිය ද වශයෙන් අමුණු විසිපහක වී ද, උඳු හය අමුණක පොලිය ද, උඳු එක අමුණු පෙකඩ දෙකක්‌ද, මුං දස අමුණක පොලිය අමුණු දෙකයි පෙකඩ දෙකක් ද වේ.
තෝනිගල සෙල් ලිපියට අනුව, එකල අරියවංශ සූත්‍ර දේශනාව කරන ලදැයි දක්වන ‘යහිස පවත විහාරය’, වත්මන් මඩුකන්ද ශ්‍රී දළදා විහාරය බවට අතීත වංශකථාවල තොරතුරුවලට අනුව සනාථ කරගෙන තිබෙනවා. ඒ අනුව රජු, බැංකුවේ තැන්පත් කළ ධාන්‍ය ගම්වාසීන්ට පොලියට දී ඇත්තේ, එම පොලී ආදායමෙන් වාර්ෂිකව යහිස පවත විහාරයේ අරියවංශ සූත්‍රය දේශනා කරන භික්ෂූන් වහන්සේලාට සිව්පසය සපයා දීමට යි.
භාණ්ඩ හුවමාරු යුගයේ තැන්පතු වලට පොලියක් අයකර එමගින් විහාර සහ භික්ෂුන්වහන්සේලගේ නඩත්තුව
තෝනිගල සෙල්ලිපියේ සදහන් වන වෙළඳ ගම් සභාවේ ප්‍රාග්ධනය ලෙස තැන්පත් කොට ඇත්තේ වී, උදු සහ මුං යන ධාන්‍ය වර්ග යි. එහි දී වී අමුණු පනහක් ද, උදු අමුණු හයක් ද, මුං අමුණු දහයක් ද රජු තැන්පත් කර තිබෙනවා. මෙම තැන්පතු ධාන්‍යවලින් යම් ප්‍රමාණයක් වෙනත් ඕනෑම ගනදෙනුකරුවකුට පරිහරණය සඳහා ලබා ගැනීමට හැකියාවක් තිබුණා. ඔවුන් පසුව ආයතනයට ඒ සඳහා සම්මත පොලිය ධන්‍යවලින් ම ගෙවීය යුතු වුණා.
සෙල්ලිපියේ කියවෙන අන්දමට වී වලින් යල, මහ සහ මැද යන කන්න තුන සඳහා ම ස්ථීර තැන්පතුවෙන් ලැබෙන පොලිය අමුණු විසි පහක් වෙනවා. ගොඩ ගොවිතැනට යොදාගන්නා උදු, මුං ආදිය තැන්පත් කිරීමට ලැබෙන වාර්ෂික පොලී අනුපාතය වන්නේ 25%ක්. එනම් තැන්පත් කළ ධාන්‍ය වලින් 1/4කට සමාන ප්‍රමාණයක්.