සිල්ලාහි මුයොල් | |
හංගුල් | 태종 무열왕 |
---|---|
හන්ජා | 太宗 武烈王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Taejong Muyeol |
මැකූන්–රයිෂවර් | T'aejong Muyǒl |
උපන් නාමය | |
හංගුල් | 김춘추 |
හන්ජා | 金春秋 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Chun-chu |
මැකූන්–රයිෂවර් | Kim Ch'unch'u |
කොරියාවේ රජවරු සිල්ලා (එක්සත් කිරීමට පෙර) |
|
තේජොං මුයොල් රජු (604[1] – 661 ජූනි) හෙවත් කිම් චුන්චු යන උපන් නාමයෙන් හැඳින්වෙන්නේ දකුණුදිග කොරියානු රාජධානියක් වූ සිල්ලාවේ (සින්රා) 29වන රජු ය. ඔහු විසින් ක්‍රි.ව. 654 සිට 661 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී.[2] කොරියාවේ තුන් රාජධානි එක්සත් කිරීමට මූලික වීම හේතුවෙන් ඔහු ගෞරවාදරයට පාත්‍ර විය. ඔහු සුප්‍රකට හමුදා සෙන්පතියකු වූ කිම් යුසින්ගේ මිතුරකු සහ ප්‍රධානියා ද විය. පසුව කිම් යුසින් තේජොංගේ සොයුරිය හා විවාහ වී ඔහුගේ මස්සිනා බවට පත් විය.
තේජොං මුයොල් රජු උපත ලැබූයේ "පූජනීය අස්ථියේ" සොංගොල් ශ්‍රේණියෙහි ය. ඔහුගේ පියා වූ කිම් යොංසු (金龍樹) සිල්ලාවේ 25වන රජු වූ ජින්ජි රජුගේ පුත්‍රයකු විය. ජින්ජි රජු සිහසුනෙන් නෙරපනූ ලැබූ විට ඔහුගේ සිට කිම් යොංසු ඇතුළු ඉදිරි පරම්පරාව රාජධානියේ පාලනයට නුසුදුසු යැයි සැලකිණි. කෙසේනමුත්, යොංසු ශේෂව සිටි සොංගොල්වරුන් අතලොස්ස අතුරින් අයකු විය. ඔහු සොංගොල් කුමරියක (ජින්ප්යොං රජුගේ දියණිය වූ චොන්මියොං කුමරිය) සමග විවාහ විය. ඔවුන්ගේ පුත්‍රයා වූ කිම් චුන්චු ද සොංගොල් රුධිරය ඇත්තකු බැවින් සිහසුනට අයිතියක් පැවතිණි. කිම් යොංසු රාජ්‍ය පාලනය තුළ බලවත් චරිතවක් විය. කෙසේනමුත්, ඔහු සතුවූ සියලු බලය රජුගේ සොයුරා වූ කිම් බෙක්බන්හට හිමි විය. නමුත් පැවැත්ම උදෙසා ඔහු හට සොංගොල් ශ්‍රේණියට පහළින් වූ ජිංගොල් ශ්‍රේණියට ඇතුළත් වීමට ඔහුට සිදු විය. එමනිසා, ඔහුට රජු බවට පත්වීමේ අවස්ථාව අහිමි වූ අතර, ඔහුගේ පුත්‍රයා වූ කිම් චුන්චු හට ද එසේ සිදු විය. සිය නැන්දණිය වූ සොන්දොක් රැජිනගේ මරණින් පසු, [3] චුන්චු අවසන් නිසැක සොංගොල්වරයා වූ ජින්දොක් රැජිනට සිහසුන පැවරීමට තීරණය කළේ ය. ජින්දොක් රැජිනගේ මරණයත් සමග, සියලු සොංගොල්වරුන් මියගොස් තිබූ අතර රාජකීය රුධිරය සහිත ජිංගොල්tවරයකුට සිහසුනට පත්වීමට නියමව තිබිණි. එකල සිල්ලාවේ සංදේද්‍යුංවරයා (රජයේ ඉහළම පදවිය) වූ කිම් අල්චොන් (හෙවත් සෝ අල්චොන්) හට මුලින් සිහසුනට පත්වීමට කැමැත්තක් විය. ඔහුගේ පියා සොංගොල්වරයකු වූ අතර, මව ජිංගොල්වරියක විය. මේ නිසා අල්චොන් සොංගොල්වරයකු නොවූ අතර, සිහසුනට තරග වැදීමට සිදු විය. කෙසේනමුත්, කිම් යුෂින් විසින් කිම් චුන්චුහට උපකාර කරන ලදී. අල්චොන් ද ක්‍රමයෙන් සිහසුනට වූ අපේක්ෂාව අත්හැර චුන්චුහට සහාය දැක්වී ය. එහි ප්‍රතිඵලය ලෙස මුයොල් රජු යන නාමයෙන් කිම් චුන්චු සිහසුනට පත් විය.
ඔහුව ටෑං රාජවංශයේ ගඔෂොං අධිරාජයා විසින් හොඳින් පිළිගන්නා ලද්දේ, ගඔෂොං අධිරජු වීමටත් පෙර කාලයේ සිටම ඔවුන් දෙදෙනා මිතුරන් වූ බැවිනි. මුයොල් රජු අධිරාජයාට විශාල සහායක් දැක්වී ය. එසේම අධිරාජයා ද මුයොල්ට සහාය දැක්වී ය. ඔහු නිරතරුවම බෙක්ජේ රාජ්‍යය විනාශ කිරීමට ටෑං සහාය ඉල්ලා සිටියේ ය. අනතුරුව ටෑං රාජ්‍යය විසින් ක්‍රි.ව. 660දී සු ඩිංෆැං සේනපති යටතේ 130,000ක හමුදාවක් එවන ලදී. මේ අතර සෙබලුන් 50,000ක් සමග කිම් යුසින් සිල්ලාවෙන් පිටත්වී රුදුරු හ්වංසන්බොල් සටනේ දී බෙක්ජේ රාජ්‍යය අනාරක්ෂිත තත්ත්වයට පත්කළේ ය. අවාසනයේ බෙක්ජේහි උයිජා රජු යටත් විය. මෙලෙසින් කොරියානු අර්ධද්වීපයේ සිල්ලාවේ බලයට අභියෝගයක් වීමට ඉතිරි වූයේ ගොගුර්යෝව පමණි.
එම වර්ෂයට පසු වර්ෂයේ ජූනි මස මුයොල් රජු මියගියේ ය. ඔහුගේ පුත්‍රයා වූ කිම් බොප්මින් මුන්මු රජු ලෙස සිහසුනට පත් විය.
සිල්ලාහි මුයොල්ගේ පූර්වජයන් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
සිල්ලාහි මුයොල් උපත: 604 මරණය: 661
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ජින්දොක් |
සිල්ලාවේ රජ 654–661 |
අනුප්‍රාප්තික මුන්මු |