සිසිර සේනාරත්න | |
---|---|
![]() | |
උපත | 1935 මාර්තු 29 හලාවත ශ්‍රී ලංකාව |
මියගිය දිනය | 2015 පෙබරවාරි 04 කොළඹ |
නිවහන | ශ්‍රී ලංකාව |
පුරවැසිබව | ![]() |
අධ්‍යාපනය | හලාවත ශාන්ත මරියා විද්‍යාලය මරදානේ මධ්‍ය විද්‍යාලය නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | සහකාර රේගු අධිකාරි |
සේවායෝජකයා | ශ්‍රී ලංකා රේගුව |
ප්‍රසිද්ධව ඇත්තේ | ගායනය, ගීපද රචනය, සංගීත අධ්‍යක්ෂණය |
උස | අඩි 5 අඟල් 11 |
කලත්‍රයා(යන්) | ඉන්ද්‍රාණි විජයබණ්ඩාර |
දරුවන් | සුභානි සේනාරත්න විජේතිලක සංජය සේනාරත්න සමීර සේනාරත්න |
දෙමව්පියන්(s) | මව - ලීලාවතී මල්ලිකාරච්චි පියා - හෙන්රි සොලමන් සේනාරත්න |
ආගම | බෞද්ධ |
සිසිර සේනාරත්න (ඉංග්‍රීසි: Sisira Senaratne) උපන්නේ 1935 මාර්තු 29 වෙනිදා හලාවතදීය. එතුමා හලාවත ශාන්ත මරියා විද්‍යාලයෙන්, මරදානේ මධ්‍ය විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබී ය. [1][2][3][4]
ඔහුගේ සීයා ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ අතර මව ඔහුට මාස තුනක් සපිරෙද්දී ජීවිතයෙන් සමුගෙන තිබිණ. සිසිර සේනාරත්න මහතාගේ දයාබර බිරිද මාපා හාමු මුදියන්සේලාගේ ඉන්ද්‍රාණි විජයබණ්ඩාරය.ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
සිසිර සේනාරත්න යනු ප්‍රවීන ජනප්‍රිය ගායකයකි. කෙටි කථා රචකයෙකු මෙන් ම නළුවෙකු වීමට කැමැත්තෙන් සිටි සිසිර සේනාරත්නයන්ට ඔහුගේ ම ලයාන්විත ස්වරය මග හරස් කළේ ය. හතරවැනි වසරේදී සප්ත ස්වරය ශ්රැතියට අනුව ගායනා කරමින් සංගීතයේ බහ තේරූ ඔහු පසු කළෙක රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් විය. ගුවන්විදුලියෙන් ගායනයට පිවිසි සිසිර සේනාරත්නයන් චිත්‍රපට පසුබිම් ගායනයට එක්වූයේ ‘පොඩි පුතා’ චිත්‍රපටයෙනි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයේ පසුබිම් ගයනයට එක් වූ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර හඳුනා ගන්නා ඔහු 1962 මැයි 31 වන දා ඇය සමග යුගදිවියට එළැඹුණි.
1965 තිරගත වූ ‘හඳපාන’ චිත්‍රපටයේ සංගීත අධ්යක්ෂවරයා වී 1966 සරසවි සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්යක්ෂවරයා ලෙස සරසවි සම්මානය දිනුවේ ද මේ හෘදයාංගම ගායන ශිල්පියා ය. ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය සමඟ "සිසින්ද්රා" ප්‍රසංගය ලොව වටා පවත්වමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ද පිනවූ සිසිර සේනාරත්න මහතා 2015 පෙබරවාරි 04 වන දින මෙලොවින් සමුගැනීමට පෙර කලක සිට රෝගීව පසුවූවේය.