සිසිල්බීමවල අඩංගු බෙන්සීන් ඉතා ම සැළකිල්ලට ලක් විය යුතු කාරණයක් වන්නේ බෙන්සීන් අණුව මිනිසාට පිළිකාකාරක වන නිසා ය. මෙය මහජන සෞඛ්‍යයට දැඩි ලෙස බලපාන අතර පරිසරවාදීන් හා සෞඛ්‍යවාදීන් විසින් සැළකිය යුතු ලෙස විරෝධය දක්වන මාතෘකාවකි. පානීය ජලයේ අඩංගු බෙන්සීන් මට්ටම් සාමාන්‍යයෙන් අන්තර්ජාතික ලෙස නියාමනයට ලක් වුව ද, සිසිල්බීම සඳහා එවන් වැඩපිළිවෙලක් නිශ්චිත ව නොමැත. ඇසෝබික් අම්ලය (විටමින් C) හා යකඩ හා තඹ අයන උත්ප්‍රේරක ලෙස ගෙන ආලෝකය හා තාපය සැපයීමෙන් පරිරක්ෂකයක් ලෙස භාවිතා වන බෙන්සොයික් අම්ලය විකාබොක්සිල්කරණය වීමේදී බෙන්සීන් සෑදේ.
බෙන්සීන් සිසිල්බීමවල සැදුමට පදන් හේතුවක් වන්නේ බෙන්සොයික් අම්ලය ඇසෝබික් අම්ලය (විටමින් සී, E300) හෝ එරිතෝබික් අම්ලය (ඇසෝබික් අම්ලයේ පාරත්‍රිමාණ සමාවයවිකයක්, E315) හමුවේ විකාබොක්සිල්කරණයට ලක් වීම යි. බෙන්සොයික් අම්ලය එහි ලවණ වන සෝඩියම් බෙන්සොඒට් (E211), පොටෑසියම් බෙන්සොඒට් (E 212), හෝ කැල්සියම් බෙන්සොඒට් (E 213) ලෙස කල්තබා ගැනීමේ අරමුණින් යොදනු ලැබේ.[1]
යෝජිත යාන්ත්‍රණය ඇරඹෙන්නේ ඇසෝබික් අම්ලය මඟින් ඩයොක්සිජන්(O2) උත්ප්‍රේරිත ඔක්සිහරණයට ලක්කිරීමෙන් හටගන්නා Cu2+ හයිඩ්‍රොක්සිල් මුක්ත ඛණ්ඩයක් සාදා එම මුක්ත ඛණ්ඩය බෙන්සොයික් අම්ලයේ හයිඩ්‍රජන්ට පහර දීමෙනි:
බෙන්සීන් සෑදීමට මුලපුරන අනෙක් සාධක වන්නේ තාපය හා ආලෝකය යි. සිසිල්බීම උෂ්ණ පරිසරවල ගබඩා කිරීම මඟින් බෙන්සීන් සෑදුම සීග්‍ර වේ.
කැල්සියම් ඩයිසෝඩියම් එතිලීන්ඩයිඇමීන්ටෙට්‍රාඇසිටික් අම්ලය (Calcium disodium EDTA) හා සීනි මඟින් සිසිල්බීම තුළ බෙන්සීන් සෑදීම වළක්වන බව නිරික්සා ඇත.
බෙන්සීන් සැදුම වැළැක්වීමට හෝ අවම කරගැනීම සඳහා පාන නිපැයුම් සමාගම්වල අන්තර්ජාතික මඬුල්ල (ICBA) විසින් අවවාද නිපදවා ඇත.[2]
විවිධ වගකිවයුත්තන් විසින් පානීය ජලයේ බෙන්සීන් ප්‍රමාණය පිළිබඳ සීමා තනවා ඇත. පහත සීමා දක්වා ඇත්තේ බිලියනයට කොටස් (ppb; කිලෝග්‍රෑමයක මයික්‍රෝග්‍රෑම් μg/kg) වලිනි.
|url=
value. Empty.
|url=
value. Empty.