සුගත් තිලකරත්න | |
---|---|
Sugath Thilakaratne | |
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
අමාත්‍යවරයා | සුනිල් කුමාර ගමගේ |
පූර්වප්‍රාප්තිකයා | එච්.එම්.එම්. හාරීස් |
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
පුද්ගලික තොරතුරු | |
උපත | රොබෝසිඤ්ඤෝ ආරච්චිලාගේ දොන් සුගත් තිලකරත්න 30 ජූලි 1973 නෝටන් බ්‍රිජ්, මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
රැකියාව | දේශපාලනඥ |
වෘත්තිය | මළල ක්‍රීඩක |
දේශබන්ධු රොබෝසිඤ්ඤෝ ආරච්චිලාගේ දොන් සුගත් තිලකරත්න[1], (Sugath Thilakaratne; උපත 30 ජූලි 1973[2]), හෙවත් සුගත් තිලකරත්න, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර මීටර් 400 දිවීමේ ඉසව්ව නියෝජනය කල මළල ක්‍රීඩකයෙකි.[3]
1998 වසර ඔහුගේ හොඳම සමය සේ සැළකෙයි. තිලකරත්න විසින් මීටර් 400 දිවීමේ ඉසව්ව සඳහා වාර්ථා කල පෞද්ගලික හොඳම කාලය වූ තත්පර 44.61 වාර්ථා කිරීමට එම වසරේදී ඔහු සමත් විය. එසේම එම වසර තුල ජාත්‍යන්තර තරගාවලි ත්‍රිත්වයක පදක්කම් හිමිකර ගැනීමටද ඔහුට හැකිවිය (පහත වගුව). 2001 වසරේ ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම, තිලකරත්නගේ හොඳම දස්කම ලෙස සැළකෙයි.[4][5]
ඔහු 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි. ඉන් අනතුරුව ඔහුට පාර්ලිමේන්තුව වරම් හිමි විය.[6]
2024 නොවැම්බර් 21 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යධුරය පිරිනැමෙනු ඇත.[7]
වර්ෂය | ක්‍රීඩා උළෙල | පැවැත්වූ ස්ථානය | ස්ථානය | කරුණු |
---|---|---|---|---|
![]() | ||||
1998 | 1998 ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය | Fukuoka, ජපානය | 1 වැනියා | මීටර් 400 |
1998 ආසියානු ක්‍රීඩා උළෙල | බැංකොක්, තායිලන්තය | 1 වැනියා | ||
1998 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල | ක්වාලාලම්පූර්, මලයාසියාව | 3 වැනියා | ||
2002 | 2002 ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය | කොළඹ, ශ්‍රී ලංකාව | 3 වැනියා |
{{cite web}}
: Cite has empty unknown parameter: |dead-url=
(help)