හ්වං ජින්ඉ | |
---|---|
ප්‍රභේදය | කාලාන්තර නාට්‍ය නාට්‍ය ප්‍රේම කථා |
මත පදනම්ව | කිම් තක්හ්වන්ගේ අයි, හ්වං ජින්ඉ ඇසුරෙන් |
රචනය කලේ | යූන් සුන්-ජූ |
අධ්‍යක්ෂණය කලේ | කිම් චුල්-ක්යු |
රඟපෑම | හා ජි-වොන් කිම් යොං-ඒ වං බ්ට්-නා කිම් ජේවොන් ර්යු තේ-ජූන් ජං ක්යුන්-සුක් |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 24 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | ලී සුං-ජූ |
ධාවන කාලය | බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල 21:55ට (KST); මිනිත්තු 64ක් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කොරියානු විකාශන පද්ධතිය |
මුල් ධාවනය | ඔක්තෝබර් 11, 2006 | – දෙසැම්බර් 28, 2006
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | ෆුගිටිව් ලී දූ-යොං |
අනුගමනය වනුයේ | දල්-ජා’ස් ස්ප්‍රිං |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
හ්වං ජින්ඉ (කොරියානු: 황진이; හන්ජා: 黃眞伊) යනු 2006 වර්ෂයේ KBS2 නාළිකාව විසින් දකුණු කොරියාව තුළ විකාශය කරන ලද ඓතිහාසික කතාමාලාවකි. මෙය මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ 16වන සියවසේ ජොසොන් රාජ්‍යයේ විසූ හ්වං ජින්ඉ නැමැත්තියගේ ජීවන පුවතයි. ඇය පසුකලෙක කොරියානු ඉතිහාසයේ වඩාත් සුප්‍රකටම ගිසෙංවරිය බවට පත්වන්නී ය. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන නිළි හා ජි-වොන් මෙම නාට්‍යය සඳහා දැක්වූ රංගන ප්‍රතිභාව වෙනුවෙන් 2006 KBS නාට්‍ය සම්මාන උළෙලේ දී ප්‍රධාන ත්‍යාගය (දේසං) දිනාගත්තා ය.[1]
ප්‍රේක්ෂක ප්‍රතිශතය සැලකූ විට මෙම කතාමාලාව අතිශය ජනප්‍රිය වූ අතර, ගිංසෙංවරියන් තේමා කොටගත් නිර්මාණ—විශේෂයෙන් මියැසි, රූපවාහිනී නාට්‍ය, චිත්‍රපට සහ කාටූන් සඳහා මෙමගින් ඉල්ලුමක් ඇති විය.[2][3][4][5]
හ්වං ජින්ඉ යනු වංශවතකුට දාව හ්යුන් ගුම් නැමැති අන්ධ ගිසෙංවරියට උපන් නීත්‍යානුකූල නොවන දියණියයි. ගිසෙංවරියක යනු යැංබැන් වංශවතුන්ගේ අවශ්‍යතා සංසිඳුවීම සඳහා ගායිකාවක, නාට්‍යාංගනාවක සහ සංග්‍රහ කරන්නියක ලෙස සත්කාරයෙහි නියැලෙන්නියකි. තම දියණිය සිය අඩිපාරේ යමින් පුරුෂයන්ගේ කෙළිබඩුවක වීම වළකනු පිණිස හ්යුන් ගුන්, ජින්ඉව වියපත් පූජකයකු විසින් පවත්වාගෙන ගිය දුරබැහැර කඳුකර විහාරයක් වෙත යවන්නී ය. නමුත් එක් දිනක, සත් හැවිරිදි ජින්ඉ විහාරයෙන් පලා ගොස් ගිසෙං රඟහලක් වෙත පැමිණෙන්නී ය. ගිසෙංවරියන්ගේ නැටුමෙන් ගැයුමෙන් ප්‍රීතියට පත්වන ජින්ඉ, ගිබං හෙවත් ගිසෙං නිවසකට ඇතුළු වන්නී ය. එහිදී ඇයට පළමුවරට සිය මව මුණගැසෙයි. ඇයට නර්තනයට සහ ගෝමුන්ගෝ සංගීත භාණ්ඩය වැයීමට විශිෂ්ට කුසලතාවක් ඇති බව සැමදෙනා වටහා ගනියි. එදින සිට, ජින්ඉ ජොසොන් රාජ්‍යයේ ඉහළම ගිසෙංවරිය වීමට පුහුණු වෙයි. ඇය රාජධානියේ දක්ෂතම මාලිග නළඟනක වූ, ඉම් බෙක්-මූ නැමැති දැඩි ගුරුවරිය යටතේ ඉගෙනුම ලබයි.
බලවත් වංශවතකුගේ පුත්‍රයකු වූ කිම් ඉයුන්-හෝ සමග ජින්ඉ ප්‍රේමයෙන් බැඳෙයි. නමුත් ඔවුන්ගේ සමාජ තත්ත්වයේ වෙනස්කම් හේතුවෙන් ඔහුගේ දෙමාපියන් මෙම සම්බන්ධයට ඉඩනොදෙයි. ඇය සමග පලායාමට තැත්කිරීමේ දී ඉයුන්-හෝ නියුමෝනියාව වැළඳී මියයයි. මෙලෙසින් ජින්ඉගේ ප්‍රථම ප්‍රේමය ශෝකාන්තයකින් කෙළවර වේ.[6]
ඉයුන්-හෝව අමතක කරලීමට නොහැකි වන ජින්ඉ තුළ නර්තනයට ඇති ආශාව නැති වී යයි. ඇය ඉදිරි වසර පහ ගතකරනුයේ සංගීතය සපයමින් සහ මධ්‍යම පාන්තිකයන් සමග සංවාදයෙහි නියැළෙමිනි. (ඇය මෙහි දී අතිශයින් ධනවත් වන්නී ය) ඇය රාත්‍රිය ගතකරනුයේ ශෝකයෙහි ගිලී මධු පානයේ නියැළෙමිනි. බීමතින් සිටින අතරතුර ඇය සිය දිවි හානිකරගැනීමට උත්සාහ දරයි. නමුත් කිම් ජුං-හන් නැමැති කවියා ඔහුට බේරා ගනී. අනතුරුව, ජින්ඉ සහ ජුං-හන් සමග මතටභ්දාත්මක ප්‍රේම සම්බන්ධයක් හටගනියි. මේ අතර ඇය, තමන් වෙත ආකර්ෂණය වූ රාජකීය පවුලේ ඥාතියකු වූ බ්යුක් ක්යේ-සූව දැඩිව ප්‍රතික්ෂේප කරයි. එසේම ඇයට නර්තනයේ දී මෙන්ම ප්‍රේමයේ දී දි සිය එදිරිවාදිනිය වූ බු-යොංට ද මුහුණදීමට සිදු වෙයි. ජින්ඉට දුෂ්කර අවස්ථාවන්හි දී සහායට යි-සෙං නැමැති ආරක්ෂකයකු ද වේ. පසුව ඉයුන්-හෝගේ මරණයට බෙක්-මූද දායක වී ඇති බව ජින්ඉ වටහා ගනියි. දෛවෝපගත පටරෙදි නර්තනය කෙරෙහි සූදානම් වන ඔවුන් දෙදෙනා අතර ඊර්ෂ්‍යාව සහ අමනාපකම් ගොඩනැගේ.
16වන සියවසේ කාන්තාවන් පිළිබඳ කථානොවන සමයක, හ්වං ජින්ඉ සුප්‍රකට ගිසෙං-ගායන-නර්තන-කාව්‍ය ශිල්පිනියක බවට පත් වේ. ඇගේ රූමත් බව, බුද්ධිය සහ දක්ෂතාව හේතුවෙන් ඇයට ජොසොන්හි වඩාත් බලවත් වංශවතුන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙයි. අවසානයේ ඇය ජුංජොං රජුගේ ගෞරවයට පාත්‍ර වෙයි. දැඩි සමාජ පන්ති භේදිත සමාජයක, සම්ප්‍රදායික අදහස් බිඳහෙළූ කාන්තාවක වූ ඇය කලාවේ සහ ජීවිතයේ රසමුසු තැන් සොයාගියා ය. සිය ජීවන සමය තුළ දී නින්දාවන්ට මෙන්ම පැසසුමට ද ලක් වූ ඇය ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබුවා ය.
හ්වං ජින්ඉ සඳහා වූ රූගත කිරීමේ න්යායපත්රය රූපවාහිනී කතාමාලාවක් සඳහා තරමක් දුෂ්කර එකක් විය. ඇතැම් අවස්ථාවල දින හතම විවේකයක් නොමැතිව රූගත කිරීම් සිදු වූ අවස්ථා විය.[1] මෙහි හා ජි-වොන්, වං බිට්-නා, කිම් ජේවොන් සහ ජං ක්යුන්-සුක් වැනි ජනප්‍රිය යොවුන් නළුනිළියන් මෙන්ම කිම් යොං-ඒ සහ කිම් බෝ-යොන් වැනි කෘතහස්ත කොරියානු නළුනිළියන් ද රංගනයේ යෙදීම විශේෂත්වයකි.[1] මෙම කතාමාලාවේ ඇඳුම් (නිර්මාණය කිම් හ්යේ-සුන් විසිනි), නර්තන අංග සහ සංගීතය ඒවායේ වූ චිත්තාකර්ෂණීයභාවය සහ සරාගීභාවය හේතුවෙන් ඇගයුමට ලක් විය.[1]
දිනය | කථාංගය | දීප ව්‍යාප්ත | සෝල් |
---|---|---|---|
2006-ඔක්තෝබර්-11 | 1 | 20.1% | 20.9% |
2006-ඔක්තෝබර්-12 | 2 | 20.9% | 22.0% |
2006-ඔක්තෝබර්-18 | 3 | 18.4% | 18.7% |
2006-ඔක්තෝබර්-19 | 4 | 18.7% | 19.0% |
2006-ඔක්තෝබර්-25 | 5 | 16.9% | 16.7% |
2006-ඔක්තෝබර්-26 | 6 | 17.7% | 18.1% |
2006-නොවැම්බර්-01 | 7 | 17.2% | 17.1% |
2006-නොවැම්බර්-02 | 8 | 19.2% | 19.3% |
2006-නොවැම්බර්-08 | 9 | 16.6% | 15.8% |
2006-නොවැම්බර්-09 | 10 | 19.7% | 19.9% |
2006-නොවැම්බර්-15 | 11 | 23.3% | 23.7% |
2006-නොවැම්බර්-16 | 12 | 24.9% | 25.4% |
2006-නොවැම්බර්-22 | 13 | 24.6% | 25.7% |
2006-නොවැම්බර්-23 | 14 | 26.7% | 27.4% |
2006-නොවැම්බර්-29 | 15 | 22.9% | 22.9% |
2006-නොවැම්බර්-30 | 16 | 23.9% | 25.5% |
2006-දෙසැම්බර්-06 | 17 | 23.0% | 24.1% |
2006-දෙසැම්බර්-07 | 18 | 24.8% | 25.1% |
2006-දෙසැම්බර්-13 | 19 | 22.9% | 24.0% |
2006-දෙසැම්බර්-14 | 20 | 22.9% | 24.6% |
2006-දෙසැම්බර්-20 | 21 | 22.2% | 22.6% |
2006-දෙසැම්බර්-21 | 22 | 24.3% | 25.2% |
2006-දෙසැම්බර්-27 | 23 | 24.1% | 24.8% |
2006-දෙසරම්බර්-28 | 24 | 25.0% | 26.8% |
සාමාන්‍යය | 21.7% | 22.3% |
ප්රභවය: TNS මීඩියා කොරියා
මෙම කතාමාලාව 2007 වර්ෂයේ දී, තායිවානය, මැලේසියාව සහ පිලිපීනය යන රටවල විකාශය විය.[7]
2008 නොවැම්බර් සිට 2009 පෙබරවාරි දක්වා, මෙහි තෝරාගත් කථාංගවල මාසික තිරගැන්වීම් නිව් යෝක් නගරයේ කොරියා සංගමයේ දී පවත්වන ලදී.[8] 2015 නොවැම්බර් වන විට මෙම කතාමාලාව එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රදර්ශක සේවාවලින් ලබාගත හැකි විය.
තායිලන්තය තුළ 2015 ඔක්තෝබර් 26 සිට True4U නාළිකාව ඔස්සේ මෙම කතාමාලාව විකාශය කෙරිණි.[9]
{{cite news}}
: More than one of |archivedate=
and |archive-date=
specified (help); More than one of |archiveurl=
and |archive-url=
specified (help)