ෆුල්හාදූ | |
---|---|
දූපත ගැන සාරාංශය | |
අයිතිව ඇත්තේ | බා අතොළුව |
ජනගහණය | 300 |
දිග | 1,920 m (6,300 අඩි) |
පළල | 250 m (820 අඩි) |
මාලේ සිට දුර | 101.70 කිමී (54.91 නාවික සැතපුම්) |
ෆුල්හාදූ (දිවෙලි: ފުޅަދޫ) යනු, "බා" ලෙසින් කේතාක්ෂරයෙන් දැක්වෙන, දකුණු මාල්හොස්මදුලු අතොළුවේ ජනාවාසී දූපත් අතුරින් එකකි. එහි වර්ගප්‍රමාණය 31.5 හෙක් (0.315 වර්ග කිලෝ මීටර, 78 අක්කර) වෙයි.
මෙම දූපත ෆෙහෙන්දූ සහ ගොයිදූ සමගින් සහ ජනශුන්‍ය කුඩා කොදෙව් සතරක්ද [1] සමග වන වෙනමම කුඩා අතොළුවක මෙම දූපත පිහිටා ඇත. ගොයිදූ අතොළුව (ගොයිදු හෝ ගොයිෆුල්හාෆෙහෙන්දූ ලෙසින්ද හැඳින්වේ), නාවුක සිතියම්හී දැක්වෙන්නේ හෝර්ස්බර්ග් අතොළුව ලෙසිනි, දකුණු මාල්හොස්මදුලු වෙතින් වෙන්වී ඇත්තේ 6 නාවික සැතපුම් (11 කිමී) පළල ඕඩයකිනි. මෙම අතොළුව ඕවලාකාර හැඩයක් ගන්නා කුඩා එකක් වන අතර, එහි වැඩිම දිග 16 කිමී (10 සැත) කි. අතොළුවේ සම්පූර්ණ වර්ග ප්‍රමාණය (කලපුව හා පැතලි පරයද ඇතුළුව) වන්නේ 105 වර්ග කිලෝ මීටර (26,000 අක්කර) ක් වන අතර [2], එයින් 1.7 වර්ග කිලෝ මීටර (420 අක්කර) පමණක් වියලි භූමිය වෙයි. ඇතුළු කලපුව 17 වෙත[convert: unknown unit]; එහි පතුල වැලි සහිත වන අතර මඩ හා මැටි මිශ්‍රිත වෙයි. මාලදිවයිනේ කුඩා අතොළු බොහෝමයක කලපු මෙන් නොව මෙම කලපුවේ මධ්‍යය කොරල් පරයන් විරහිත වෙයි.
නාවුක සිතියම්හී, මෙම අතොළුව නම් කර ඇත්තේ, පෙරදිග ඉන්දියා සමාගමේ ජලමිනුම් විද්‍යාඥ සහ දීර්ඝ අභිධාන ඩිරෙක්ෂන්ස් ෆො සේලිං ටු ඇන්ඩ් ෆ්‍රොම් ද ඊස්ට් ඉන්ඩීස්, චයිනා, නිව් හොලන්ඩ්, කේප් ඔෆ් ගුඩ් හෝප්, ඇන්ඩ් ඉන්ටර්ජැසන්ට් පෝර්ට්ස්, කම්පයිල්ඩ් චීෆ්ලි ෆ්‍රොම් ඔරිජිනල් ජර්නල්ස් ඇන්ඩ් ඔබ්සර්වේෂන්ස් මේඩ් ඩියුරින් 21 ඉයර්ස් එක්ස්පීරියන්ස් ඉන් නැවිගේටිං දෝස් සීස් හි කතෘ ජේම්ස් හෝර්ස්බර්ග් සිහිවීමටය.