මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් වත්මන් සිදුවීමක් හා සබැඳි පුද්ගලයකු පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. |
අලි සබ්රි රහීම් | |
---|---|
அலி சப்ரி ரஹீம் | |
පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 2020 | |
ඡන්ද කොට්ඨාසය | පුත්තලම් දිස්ත්‍රික්කය |
පුද්ගලික තොරතුරු | |
උපත | අබ්දුල් අලි සබ්රි මොහොමඩ් රහීම් 5 ජනවාරි 1963 පුත්තලම |
දේශපාලන පක්ෂය | සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | මුස්ලිම් ජාතික සන්ධානය |
අබ්දුල් අලි සබ්රි මොහොමඩ් රහීම් (ඉංග්‍රීසි: Abdul Ali Sabry Mohamed Rahim) (උපත 1963 ජනවාරි 5) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මොහු හොර බඩු ජාවාරමක යෙදී සිටියදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දී හසුවිය.[1]
ඔහු සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සංවිධායක වන අතර, 2020 පාර්ලිමේන්තු මැතිවරණයට මුස්ලිම් ජාතික සන්ධානයේ මැතිවරණ සන්ධාන අපේක්ෂකයෙකු ලෙස පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරඟ කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් විය.[තහවුරු කර නොමැත]
ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙන ආ 20 සංශෝධනයට පක්ෂව ඔහු ඡන්දය දුන්නේය.[තහවුරු කර නොමැත]
ශ්‍රීලංකා පාර්ලිමේන්තු නිල වෙබ්අඩවිය විසින් මොහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව 2023 මැයිමස 24 දින යාවත්කාලීන කරන ලදී.
අධ්‍යාපනය | ආයතනය | සුදුසුකම |
---|---|---|
අපොස සා.පෙ | ශ්‍රීලංකා විභාග දෙපාර්තමේන්තුව | සමත් |
අපොස උ.පෙ | ශ්‍රීලංකා විභාග දෙපාර්තමේන්තුව | සමත් |
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව | නොදනී | සමත් |
රැකියා ස්ථානය | රට | තනතුර |
---|---|---|
ශ්‍රීලංකා පාර්ලිමේන්තුව | ශ්‍රීලංකා | පාර්ලිමේන්තු මන්ත්‍රී |
පෞද්ගලික රැකියා ඒජන්සිය *(නම නොදනී) | ඩුබායි, එ.අ.එ | අයිතිකරු[3] |
2023 මැයි 23වන දින, ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ අංක FZ547 දරන ඩුබායි සිට පැමිණි ගුවන්යානයෙන් ලංකාවට පැමිණි මොහු, නීතිවිරෝධීව රැගෙන ආ රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්ව ශ්‍රී ලංකා රේගු භාරයට ගැනුනි. විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට රත්‍රං කිලෝ 3.4 සමග කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහුව රේගු නිලධාරින් අල්ලාගත් බවත් මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද මුවාවෙන් එම වාසිය පාවිච්චි කර රන් තොගය රැගෙන යාමට දැරූ උත්සාහය ව්‍යවර්ථ වූ බවත් ගුවන් තොටුපළ පොලිසිය පවසන ලදී.[4]
අංකය | භාණ්ඩ | ප්‍රමාණය | වටිනාකම(රු) |
---|---|---|---|
1 | රත්‍රන් (රන් බිස්කට්, ස්වර්ණාභරණ) | 3.397kg | 74,000,000 |
2 | ජංගම දුරකථන | 91ක් | 4,200,000 |
මුළු වටිනාකම | 78,200,000 |
ඔහු අත්අඩංගුවට පත් දිනට පසුදින, එනම් 2023 මැයි 24 දින රු මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැර තිබේ. රත්‍රන් සහ ජංගම දුරකත තොගය රාජසන්තක කොට ඇත. මෙම අපරාධය හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු මන්ති ධුරයට මේ වනතුරු කිසිදු ගැටලුවක් වී නොමැත.
දිනය | විස්තරය |
---|---|
2023 මැයි 23 | නීතිවිරෝධීව රැගෙන ආ රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්විය |
2023 මැයි 24 | රු මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැරුනි |
2023
අගෝස්තු 25[7] |
|
2023 මාර්තු 26 වෙනි ඉරිදා රාත්‍රියේ පුත්තලම කාති අධිකරණ විනිසුරු වෛද්‍ය මොහොමඩ් රහමතුල්ලාට තම නිවසට පැමිණෙන ලෙස දන්වා මෙම පහර දී තිබේ. හෙතෙම 2023 මාර්තු 15 දින කාති පුත්තලම අධිකරණයට නව පත් විමක් ලබා වැඩ බාරගනු ලැබිය.
රහමතුල්ලා මොහොමඩ් මහතා මන්ත්‍රීවරයාගේ නිවසට ඇතුළු වූ පසු මන්ත්‍රීවරයා සහ ඔහුගේ බෑණා තමාට අධිකරණ විනිසුරු ලෙස මින් ඉදිරියට කටයුතු නොකර රැකියාවෙන් ඉවත් වන ලෙස බලකරමින් පහර දුන් බවට ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.[9][10]
මන්ත්‍රීවරයා සහ ඔහුගේ බෑණා තමාගේ හිස ප්‍රදේශයට පහර කීපයක් එල්ල කළ බවත් එම පහර දීමෙන් තමා බලවත් ලෙස කම්පනයට පත් වූ බවත් රහමතුල්ලා මොහොමඩ් මහතා පවසා තිබේ.
2023 සැප්තැම්බර්පු 13 දින, පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න විසින් මේ බව හෙළිකරන ලදී.[12] මෙම රැස්වීමට වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, වයඹ පළාත් ඉඩම් කොමසාරිස් මාරි ප්‍රනාන්දු, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නිලංග නන්දසේන සහභාගී විය.
මාරි ප්‍රනාන්දු: පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඩම්වලින් අයවිය යුතු රුපියල් දස කෝටි දෙලක්ෂ බදු මුදලක් තවමත් අය වී නැත.
චින්තක අමල් මායාදුන්න: පුත්තලම දිස්ත්‍රික්කයේ අක්කර 214ක රජයේ ඉඩමක් වසර ගණනාවක් ලුණු නිෂ්පාදනය සඳහා යොදාගෙන තියෙනවා. නමුත් මේ ඉඩම වෙනුවෙන් රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවලා නෑ.අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා මේ ඉඩම ගැන එයාම කිව්වාම තමයි අපි මේ ගැන දන්නේ. [13]පුත්තලම දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් දේශපාලනඥයන් බලහත්කාරයෙන් අල්ලාගෙන විවිධ ව්‍යාපෘති සිදු කරන බවත් ඒවාට ගෙවිය යුතු බදු පවා නොගෙවයි. රජයේ ඉඩම් අක්කර 217 ක් අල්ලාගෙන ඇති බවත් ඊට අයවිය යුතු බදු මුදල් නිසි ලෙස ගෙවා නැත. කරඹ අම්මාතෝට්ටම ප්‍රදේශයේ පිහිටි මෙම අක්කර 217කට ආසන්න ඉඩමෙන් මේ වනවිට රජයට බදු අහිමි වී ඇත. එය අය කිරීම සිදු නොවන්නේ නම් බදු හිමිකරුට අදාළ කාලය අවසන් වී ඇති නිසා වෙනත් අයකුට ඉඩම ලබා දීමට කටයුතු කරනු ඇතැයි ද සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. ""දේශපාලනඥයන්ට රටේ වෙනම නීතියක් නැත".
අලි සබ්රි රහිම් : එම ඉඩම තමාගේ බවත් ඉඩම සංවර්ධනය කරන්න තමා බවත් ප්‍රකාශ කළේය. ""ඒක පරණ ඉඩමක් මම බදු ගෙවලා තියෙන්නේ"" යැයි ඔහු කීය.
නිලංග නන්දසේන: ගැටලු සහගත ඉඩමේ මේ වන විට අක්කර 108ක ලුණු කර්මාන්තය සිදු කරන අතර ඒ සඳහා ලක්ෂ 98කට ආසන්න බදු අය කරගෙන තිබේ. ඉතිරි අක්කර 109 ට මේ වනවිට බදු ගෙවා නොමැත.
ලක්ෂ්මන් යාපා : මෙම විෂය පථය පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙස පළාත් ඉඩම් කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.
සිය කැමැත්තෙන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනාවක් 2023 මැයි මස 26 දින පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් ගෙනආ එම යෝජනාව ස්ථිර කර ඇත්තේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසිනි. එසේම මෙම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් ද සහාය පළකර තිබේ. [14]
ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට යොමුකිරීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වය පළවූ බව වාර්තා වෙයි.